IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කාගෙත් සුරතලියට සැමියන් මදිවෙලා

බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ කාගෙත් සුරතලිය ලෙසටය. එක් සැමියකුගෙන් පමණක් නොව සැමියන් දෙතුන් දෙනකුගෙන් පවා සෑහීමට පත් නොවන ඇය තෝරා ගන්නේද යහමින් මුදල් තිබෙන වයස් බේදයකින් තොර පුද්ගලයන් වීමද විශේෂත්වයකි.


ඇයගේ පදිංචිය බස්නාහිර පළාතේ දකුණු පළාතට මායිම් වන ගම්මානයක වන අතර  පළමු පත්වීම දකුණු පළාතටය. පත්වීම ලබා ටික දිනක් යනවිට ඇයගේ හදවතටද මල්සරා මල්හී විද්දේය. අනෙක් කෙළවරේ සිටියේද එම දෙපාර්තමේන්තුවේම සේවය කරන අයෙකි. දෙදෙනාගේම නිල ඇඳුම සමානය. තනතුරුද සමානය.


ආදරයට උස් පහත් බේද නැත. කුල මල බේද නැත. එනිසා මෙයට වසර දහයකට පමණ පෙර දෙදෙනා එක වහලක් යටට වූහ. ටික දිනකින්ම ඇය ගැබිනියක වූවාය. දස මස් සම්පූර්ණ වූ කල ඇය පුතෙකු බිහි කළාය. ඔවුන්ගේ කැදැල්ල සතුටින් පිරී ගියේය. වසර හතරකට පසු ඇය දියණියකද බිහි කළාය. ප්‍රසූත නිවාඩු අවසන්වීමෙන් පසු ඇය නැවත සේවා ස්ථානයට වාර්තා කළාය.


එසේ රැකියාවට ගොස් සිටින අතර සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයකු ඇයගේ සේවා ස්ථානයට ආවේ කිසියම් රාජකාරි කටයුත්තකටය. ඔහු පැමිණියේ සුඛෝපභෝගී වාහනයකින් වූ අතර කතාබස් කිරීමේදී අනාවරණය වූයේ ඔහු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයකු බවය. ඇයගේ හිතට අමුතු අමුතු හැඟීම් පහළ වන්නට විය. ඔහුගේ සුඛෝපභෝගී වාහනවල ඉදිරිපස අසුනේ වාඩිවී යන අයුරුද ඔහුගේ හෝටල් කාමරවල සිටින අයුරුද  ඇයට මැවී පෙනෙන්නට විය. එය සාර්ථක විය. දැන් ඇයගේ අනියම් සැමියා මෙම සංචාරක ව්‍යාපාරිකයාය.


ඇය ටිකෙන් ටික නීත්‍යානුකූල  සැමියාගෙන් ඈත් වන්නට වූවාය. අනියම් සැමියා සූරාගෙන කමින් නව නිවසක් ඉදිකර ගැනීමට ඇය උපායශීලී වූවාය. එහෙත් ටික කලක් යනවිට ඔහුට ඇය කරදරයක් විය. මැය සමග තවදුරටත් ආශ්‍රය කිරීමෙන් තමන්ගේ සියලු‍ දේ අහිමිවීමට ඉඩ ඇති බව දැනුණ නිසා ඔහු මේ අනියම් සම්බන්ධය නතර කළේය. එහෙත් ඒ වනවිට ඔහුගේ බොහෝ දේ අවසන්ව තිබිණි.


දැන් ඇයට තවත් පිරිමියකු අවශ්‍ය වී ඇත. සැමියා සහ දරුවන් දෙදෙනා හැර දැමූ ඇය ඇයට වඩා වයසින් වැඩි ධනවත් කොන්ත්‍රාත්කරුවකු තම වසඟයට ගත්තාය. මේ විවාහකයාද අලු‍ත් අනියම් බිරිඳගේ සියලු‍ ඕනෑ එපාකම් ඉටු කිරීමට දිවා රෑ නොබලා කටයුතු කළේය. නීත්‍යානුකූල සැමියා තම මව සමග දරුවන් දෙදෙනා රැක බලා ගනිමින් රැකියාව බේරා ගැනීමට වෙහෙස ගත්තේය. මේ අතර ඇය දික්කසාද නඩුවක්ද පවරා ඇති බව නීත්‍යානුකූල සැමියා මිතුරන් සමග කීවේය.


ටික කලක් යනවිට මේ ධනවත් පුද්ගලයාටද ඇයගෙන් බේරුමක් නැත. ඇයගේ ඉල්ලිම්වල කෙළවරක් නැත. විවාහකයකු වූ ඔහු අසරණ තත්වයට වැටිණි. එහි ප්‍රතිඵලය වූයේ ඔහු ආගිය අතක් නැතිවීමය.  

 

උණවටුන - ඩී.ජී. සුගතපාල



අදහස් (0)

කාගෙත් සුරතලියට සැමියන් මදිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site