ඇය විශ්‍රාමික විදුහල්පතිනියකි. ඇයගේ සැමියා පෞද්ගලික ආයතනයක සේවය කළ අයෙකි. ඔහු ලද අර්ථසාධකය බිරිඳගේ බලවත් ඉල්ලීමට ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට යෙදවීය.
“මගේ පොතේ දැන් තියෙන්නේ රුපියල් දහදාහයි. මට අසනීපයක් වුණොත් එහෙම.” සැමියා විමසීය.
“මගේ සල්ලිවලින් බෙහෙත් අරන් දෙන්නම්කෝ” බිරිඳ පැවැසුවාය.
ඇය පසුගියදාක අක්ෂි විශේෂඥයකු චැනල් කර අලුත් කණ්ණාඩි කුට්ටමක් මිලදී ගත්තේ රුපියල් තිස්පන් දහසකටය.
එය දුටු සැමියා, “මගේ කණ්ණාඩි කුට්ටමෙත් පේනවා අඩුයි. අලුත් එකක් ගන්න ඕනෑ.” යැයි පැවැසීය.
“ඇස් ඉස්පිරිතාලෙට ගිහිල්ලා ඇස් පෙන්නලා, සමාජ සේවා එකෙන් නොමිලේම කණ්ණාඩි කුට්ටමක් ගන්නවකෝ.” ඇය පැවැසුවාය.
පසු දින කණ්ණාඩි අලෙවිසලකට ගිය සැමියා, නොමිලයේ ඇස් පරීක්ෂා කරවාගෙන, අඩුම කණ්ණාඩි කුට්ටමක් කීය දැයි විමසීය.
“සර්, අඩුම එක රුපියල් පන්දාහයි.” තරුණිය කීවාය.
බැංකුවට ගිය හෙතෙම තම ගිණුමෙන් රුපියල් පන්දහසක් ගෙන තරුණියට දුන් අතර, “සර් සතියකින් එන්න” යැයි ඇය පැවැසුවාය.
ක්‍රිස්ටෝපර් සීපියන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd