
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ පරිපාලිත සමාගමක් වන ජෝන් කීල්ස් හොටේල්ස් පීඑල්සී සමූහයට අයත් කැන්ඩි වෝක් ඉන් ලිමිටඞ් (KWIL) සමාගමෙහි සියයට 98.39ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීමට දැඩිගම සමූහය පියවර ගත් බව පවසයි. මහනුවර පිහිටි ‘සිනමන් සිටාඩෙල්’ හෝටලයේ හිමිකාරීත්වය පැවැතියේ මෙම කැන්ඩි වෝක් ඉන් ලිමිටඩ් සමාගමටයි.
ඒ අනුව දැඩිගම සමූහයට අයත් ආගන්තුක සත්කාර හස්තය වන ලැවෙන්ඩිෂ් ලෙෂර් සමාගම මගින් රුපියල් බිලියන 2.777 ක මුදලකට ජෝන් කීල්ස් හොටේල්ස් පීඑල්සී සමගින් මෙම ගනුදෙනුවට අදාළ එකඟතාවට පැමිණීම සිදුව තිබේ. ගනුදෙනුව ලබන මාර්තු 31 වැනිදා වන විට සම්පූර්ණ කිරීම බලාපොරොත්තුවයි.
මෙම එකඟතාවට අනුව ඉදිරි වසරක කාලයක් සඳහා සිනමන් සිටාඩෙල් හෝටලය සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් යටතේ කළමනාකරණය කෙරෙනු ඇති බවත්, ඉන් පසුව ඒ පිළිබඳව සලකා බැලීමක් සිදු කරන බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.
මෙම අලෙවිය සම්බන්ධයෙන් අදහස් දක්වන ජෝන් කීල්ස් හොටේල්ස් පීඑල්සී සමාගම සිය හෝටල් ව්‍යාපාරය තුළ වඩාත් සැහැල්ලු වත්කම් ප්‍රමාණයක් පවත්වාගෙන යාමේ ක්‍රමෝපාය සහ සමාගමෙහි සියයට 40 ක හිමිකාරීත්වයක් සහිතව මෙහෙයුම් ආරම්භ කෙරුණු Kandy Myst by Cinnamon හෝටලයත් මෙම තීරණයට හේතුව බව පවසා සිටියි. එසේම මෙම කොටස් අලෙවිය හරහා ලැබෙන මුදල් මගින් සිය හෝටල් කළඹ යාවත්කාලීන කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ජෝන් කීල්ස් හොටේල්ස් පීඑල්සී පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd