IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රාජකාරි වෙලාවේ හොර ගමනක් ගියාම බල්ලෙක් පාඩමක් උගන්වලා

හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන
රාජකාරි කටයුත්තකට යැයි සේවා ස්ථානයෙන් බැහැරව අනියම් බිරිය බැලීමට ගොස්  ඇයගේ නිවෙසේ සිටි සුනඛයා සපාකෑමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ගන්නට සිදුවූ නිලධාරියකු පිළිබඳව අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


ඔහු බිරිය සිය කාර්යාලය අසලින් බස්සවා දිනපතා රාජකාරියට යන යුවලක සැමියාය. දෙදෙනා සරසවි ප්‍රේමයකට අනුව විවාහ වූ යුවළකි. දෙදෙනාගේ සේවා ස්ථාන දෙක අතර කිලෝමීටර් පහළොවක් පමණ දුරක් තිබෙන අතර ඉන් සැමියා සේවය කරන්නේ ග්‍රාමීය ප්‍රදේශයකය.


 සුපුරුදු පරිදි එදිනද බිරිය කාර්යාලය අසලින් බස්සවා සැමියා සේවයට ගොස් ක්ෂේත්‍ර රාජකාරියක් යැයි පවසා කාර්යාලයෙන් බැහැරට පැමිණ යතුරු පැදියේ නැගී අනියම් බිරිය වාසය කරන  නිවෙසට ගියේය. නිවෙසේ කිසිවකුත් නොමැති වීමෙන් ඇයට දුරකතන ඇමතුමක් ගෙන සිටිනා තැන විමසා නිවෙසට නුදුරින් පිහිටි ඇය වැඩකරමින් සිටි වගාබිමට ගොස් ඇතැයි පැවසේ.


වගා බිමෙහි ඇති සෙවණ ඇති ගසක් යට දෙදෙනා පෙම්බස් දොඩමින් සිටිද්දී අසල්වැසි කාන්තාවක කොරටුව දෙසට පැමිණෙන ආකාරය දැක දෙදෙනාම කලබලයට පත්වූහ. පෙම්වතා කඩිනමින් නිවෙස දෙසට දිව ගිය අතර නිවෙසේ සිටි සුනඛයා එක්වරම ඔහුගේ ඇඟට පැන සපා කෑවේය. බිම ඇදවැටුණු ඔහු කරකියාගත දෙයක් නොමැතිව කෑගසද්දී කොරටුවේ සිටි කාන්තාවෝ දෙදෙනා එතැනට ආහ.


සුනඛයා සපාකෑම නිසා දෑත්වලටත් කකුල් දෙකටත් බරපතළ තුවාල සිදුව ලේ වැගිරෙමින් සිටි පෙම්වතා නිවෙස තුළට රැගෙන ගොස් අසල්වැසියකුගේ ත්‍රිරෝද රථයකින් රෝහල වෙත රැගෙන ගියත් රෝහලේ ජලභීතිකා එන්නත නොමැති නිසා වෙනත් රෝහලකට මාරුකර යැවීය. එයින් සිදුවූයේ තවත්  දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමය. නිලධාරියකු සුනඛයකු සපා කෑම නිසා රෝහල්ගත කර ඇති බව ආයතන ප්‍රධානියාට රෝහලෙන් දැනුම්දීම නිසා සිද්ධිය පෙම්වතාගේ කාර්යාලය පුරා පැතිර ගියේය. 


සුනඛයා සපාකෑම සිදුවූ ප්‍රදේශය වෙනත් දිස්ත්‍රික්කයකට අයත් එකක් බැවින් රාජකාරි ස්ථානයෙන් බැහැර යාමේ හේතුව ප්‍රධානියා දැනගත්තේය. එදින සිට පූර්ව අනුමැතියකින් තොරව නිලධාරින්ට බැහැර යාම ඔහු විසින් තහනම් කරනු ලැබීය.


බිරිඳ ද සිද්ධිය දැන ගැනීම නිසා ඇයද සිය මහ ගෙදර ගිය අතර පෙම්වතා වෙනත් කාර්යාලයකට මාරුවීමක් ලබාගෙන ගියද දිස්ත්‍රික්කයේ සියලුම ආයතනවල කතාව ඒ වන විටත් පැතිරගොස් තිබුණි.



අදහස් (0)

රාජකාරි වෙලාවේ හොර ගමනක් ගියාම බල්ලෙක් පාඩමක් උගන්වලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17825 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site