IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සභාවට ආ නිලධාරියා වැහි කබායේ පිහිටෙන් ජාමේ බේරාගෙන

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්.
හදිසි කලබලය හේතුවෙන් මහත් අසීරුතාවට පත් වූ ක්ෂේත්‍ර නිලධාරියකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.


ඔහු සුළු අපනයන භෝග ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ක්ෂේත්‍ර නිලධාරියෙකි.  නිරන්තරයෙන් සෑම කටයුත්තකදීම කලබලයකින් යුතුව ක්‍රියා කිරීම ඔහුගේ ගති ලක්ෂණයකි.  ඔහුගේ බිරිඳද එය දන්නා නිසා, සිය සැමියාගේ කටයුතු කඩිනමින් ඉටු කිරීමට වගබලාගත්තේය. ඇය කොතෙකුත් මෙය තේරුම් කර දුන්න ද  ඔහුගේ කලබලගතිය නිසා වැඩ වරද්දා ගත් වාර ද අනන්තය.  ඒත් ඒ කිසිවකින් ඔහු පාඩමක් ඉගෙන ගත්තේ නැත.


වරක් දෙවරක් නොව කිහිපවාරයක්ම යතුරු පැදියේ බලපත්‍ර රැගෙන නොයාම නිසා පොලීසියට අසු වී කරදරවලටද මුහුණපෑමට සිදුවිය.  තවත් වරෙක හෙල්මටය පැළඳ නොයාම නිසා ද ඔහු දඬුවම් ලැබීය.  එමෙන් සපත්තු නොපැළඳ මේස් පමණක් පැළඳ කාර්යාලයට ගිය වාර ද විය.  


මෙවැනි අකරතැබ්බවලට මුහුණ දුන් මොහු එක් ඉරු දිනක නගරයේ පොළට ගොස් නිවෙසට අවශ්‍ය බඩු ගෙන විත් තබා, කමිසය ගලවා මුහුණ සෝදා ආහාර ගෙන අවසන් වන විට රැස්වීමකට යාමට වේලාව ළං වී තිබුණි.  ඔහු සුපුරුදු පරිදි  ඉතා කලබලයෙන් සූදානම් වී රැස්වීම පැවැති ප්‍රජා ශාලාවට යනවිටත් ප්‍රදේශවාසීහු හා අනෙකුත් නිලධාරීහු ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන්  සිටියහ. 


කලබලයෙන් පැමිණි ඔහු  යතුරුපැදිය නවතා වැසිකබාය ඉවත් කරන විට උඩ ඇඳුමක් නොමැතිව මේස් බැනියම පිටින් පැමිණ ඇති බව ඔහුට වැටහී ගියේය.  කරකියාගත හැකි කිසිවක් නොවූ ඔහු වැසි කබාය ඉවත් නොකරම කමිසය වෙනුවට කබාය ඇඳගෙන රැස්ව සිටි පිරිස ඇමතුවේය.  


මේ අවස්ථාවේ කබාය ඇඳ සිටීමෙන් ඇති වූ උෂ්ණත්වය නිසා ශරීරයෙන් පිටවූ දහඩිය හේතුවෙන් ඔහු දැඩි අපහසුතාවයට පත් විය. මේ පිළිබඳව අවධානයෙන් සිටි රැස්ව සිටි පිරිස සභාව තුළ කසුකුසු ගෑම නිසා ඔහු තව තවත් අපහසුතාවට පත්විය. මේ නිසාම ඔහු ඉතා කෙටියෙන් දේශනය අවසන් කොට එතැනින් පිට වී ගියේ විදුලි වේගයෙනි.

 



අදහස් (0)

සභාවට ආ නිලධාරියා වැහි කබායේ පිහිටෙන් ජාමේ බේරාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site