IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ළමයි නටද්දී සර් පන්තියේ දොයි

කරන්දෙණිය - එම්. සුසිල් පි්‍රයන්ත
පන්ති කාමරයේ නිදි කිරා වැටෙමින් සිටි ගුරුවරයාට අමතක නොවන දඬුවමක් ලබාදුන් විදුහල්පතිවරයකු පිළිබඳ අපූරු පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


මොහු පාසල් පන්ති කාමරයේ නිදි කිරා වැටෙන බවට විදුහල්පතිට තොරතුරු ආවේ පාසලේ සිසුන්ගෙනි. මේ සම්බන්ධයෙන් තොරතුරු දුන් ගුරුවරු හා මවුපියෝ ද මේ අතර වූහ. කවුරුත් කී දෙයක් ඒ සැණින් පිළි නොගන්නා මේ විදුහල්පතිවරයා මෙය ඇත්තක්දැයි සෙවීමට තීරණය කළේය.


ඒ අනුව මොහු දහවල් වේලාවක පන්තියකට උගන්වනු බැලීමට විදුහල්පතිවරයා ගියේය. පුදුමයකි. ඇත්තකි. මේ ගුරුවරයා ගුරු පුටුවේ වාඩි වී නිදි කිරමින් සිටියේය. පන්තියේ සිසුන් කෑකෝ ගසමින් ඔවුන්ගේ වැඩවලය. එහෙත් ගුරුවරයාට ඒ ගැන හාංකවිසියක්වත් නොදැනිණි.


විදුහල්පතිවරයා පන්තියට ඇතුළු විය. ළමයි ආයුබෝවන් කියන ශබ්දයට ගුරුවරයා ගුරු මේස නමස්කාරයෙන් මිදුණේය. ඒ එක්කම දුටු දෙයින් ඔහුට දෙවියන් සිහි විය.


කලබලයක් නැතිව විදුහල්පතිවරයා ගුරුවරයා ඇමතීය. ඒ, ඉතා විනීතවය. කිසිම සැරපරුෂ බවක් නොවීය. “ආ සර්... සර්ට නිදිමත වගේනේ. ඊයේ රෑ නිදිමරාගෙන මොනවා හරි විශේෂ දෙයක් කරන්න ඇති. ඒත් ළමයි ඉස්සරහා නිදි කිරා වැටෙන්න හොඳ නැහැ. ඒක ගුරුවරයකුට හරි නෑනේ. ඔයා ගුරු විවේකාගාරයට ගිහිල්ලා ඔය නිදිමත යනතෙක් නිදා ගන්න. මම එතකම් පන්තිය බලාගන්නම්...” යයි කීය.


“නැහැ, නැහැ සර්... මම පන්තිය බලාගන්නම්. ආයෙත් මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. සොරි සර්...” යයි කියමින් ඔහු විදුහල්පතිවරයාගෙන් සමාව ගත්තේ සිසුන් දෙසට ද බැල්මක් හෙළමිනි.

 



අදහස් (0)

ළමයි නටද්දී සර් පන්තියේ දොයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17827 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site