IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගරුඬෙක් ඇඳුම් ගලවයි

හිඟු‍රානේ නවරත්න සමරතුංග 
ගරුඬකු කළ අබැද්දියක් හේතුවෙන් උපන් ඇඳුමෙන් කෙසෙල් පඳුරක සැඟවී සිටි සැමියකුට බිරිඳ චීත්ත රෙද්දක් අඳින්නටදී විලි වසා ගැනීමට සැලසූ පුවතක් දිගාමඩුල්ලේ ගමකින් වාර්තා වේ. 


සිද්ධිය මෙසේය. 


වෙලාව සවස පහමාරට පමණ විය. මේසන් වැඩක යෙදෙන සැමියා වැඩ ඇරී නිවෙසට පැමිණියේ වැහි කෝඩයක් ඇද හැළෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය.  


ඔහු‍ගේ මුළු ගතම හුණු සිමෙන්ති තැවරී තිබුණි. ඒවා නාස්පුඩු වල පවා සිරවී තිබුණ බැවින් ඔහු ගෙය පිටුපසට ගියේ පයිප්ප‍යෙන් දිය නාගැනීමටය.


‘මටත් නාගන්න ඕනෑ වැස්සකුත් එනවා ඉක්මනට නාලා එන්නැයි’ බිරිය පැවසුවාය. තුවායක් ඇඳගත් ඔහු දිය නාමින් සිටියදී එතැන සිටි විශාල ප්‍රමාණ‍යේ ගරුඬෙක් ඔහු ඇඳ ගෙන සිටි තුවාය දිගේ ඉහළට නැඟ ඉන හරියේ නතරවිය. 


කිසියම් සං‍වේදී බවක් දැනුණ  ඔහු එදෙස විපරම් කරද්දී ගරුඬා දැක  ‘බුදු අම්මෝ..’ කියා කෑ ගසමින් තුවායද බිම දමා ඒ අසල තිබුණ ‍කෙසෙල් පඳුර ළඟට දිව ගියේය.


ඔහුගේ කෑගැසීම ඇසුණ යාබද නිවෙසේ කාන්තාවද විමසිලිමත්ව ඒ අසල තිබුණ වැට ළඟට ආවාය.  


එවිට ඔහු ලැජ්ජාවෙන් බේරීමට කෙසෙල් පඳුරේ සැඟවී සිටියදී බිරිඳ සැමියාට මුහුණ පෑමට වූ අබැද්දිය දැක්කාය. ඇය එතැන රෙදි වැලේ තිබුණ චීත්තයක් ගෙන  ඇඳගන්නට දුන්නේ ඇයට වෙන කළ හැකි දෙයක් නොවූ හෙයිනි. එහෙත් උපන් ඇඳුමෙන් සිටි ඔහු චීත්තය දවටාගෙන කෙසෙල් පඳුරෙන් එළියට විත් ගෙතුළට රිංගා ගත්තේය.



අදහස් (0)

ගරුඬෙක් ඇඳුම් ගලවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site