කළු මාමා කළු වුණාට විවාහවි සිටියේ සුදු නැන්දා සමගය. ඈ රූමත්ය. විනෝදයට කැමැතිය.
කළු මාමා නෑමටද අකමැති කම්මැලියෙකි. ඒ නිසාම සුදු නැන්දා ඔහුට අකමැතිය. සුදුනැන්දාගේ හිත වැටුණේ ලිවිනිස් මාමාටය.
ලිවිනිස් මාමාත් සුදුනැන්දාත් අතර පෙමක් හට ගත්තේ ඉබේටමය. දෙදෙනාම නිවසේ තනිවෙද්දී කළුමාමා කුඹුරට යන්නේ කතා කර කර ඉන්නට කම්මැලිකමටය.
මේ අතරේ ලිවිනිස් මාමාත් සුදුනැන්දත් අතර ඇයි හොඳයිය ගමේ පැතිර ගියේය.
මෙය දැනගත් කළුමාමා ගෙදරටම වී සිටින්නට තීරණය කළේය.
දැන් ලිවිනිස් මාමාට සුදු නැන්දා හමුවන්නට බැරිය. සුදු නැන්දා උපායක් කල්පනා කළාය.
‘‘කළුවෝ මගේ බඩේ කැක්කුමයි. එදා ගමේ වෙදගෙදර ගිහින් ගුලි බේතක් ඉල්ලන් වරෙන්... ඉන්න බෑ කළුවෝ....’’ සුදු නැන්දා මරහඬ දුන්නාය.
කළුවා වෙදගෙදර ගිය විට ලිවිනිස් මාමා සුදුනැන්දා හමුවට ආවේය. දෙදෙනා රිසිසේ විනෝද වූහ.
කළුවා වෙදගෙදර ගිය විට වෙදරාල දෙන්නේ කළුපාට බේත් ගුලි කීපයකි. එය ගෙනැවිත් දෙන්නටත් පෙර සුදුනැන්දාට සනීපය.
එක් දිනක් කළුවා උපායක් කල්පනා කළේය. වෙදගෙදර නොයා වත්ත පල්ලෙහාට ගොස් ඇඟේ කුණු අතුල්ලා ගුලි කොට සුදු නැන්දාගේ බඩේ ලෙඩේට ගෙනැවිත් දුන්නේය.
ඒවා දියකොට බීමෙන්ද සුදු නැන්දාගේ ලෙඩේ සුව විය. මෙතැනදී සුදු නැන්දාට උවමනා වුණේ කළුවා ගෙදරින් පැය කීපයකට පිටමන් කර ගැනීමටය.
කළුවාට එය නොතේරුණි.
ඒ නිසාම සුදු නැන්දා බඩේ කැක්කුමයි කී හැමවිටම කළුවා වත්ත පල්ලෙහාට ගොස් පැයක් පමණ පමාවී පැමිණියේය.
සුදු නැන්දා ලිවිනිස් සමග ඇයි හොඳයිය මැරෙන තුරුම පවත්වාගෙන ගියේ කළුවා ගොනාට අන්දවමිනි.
දූනගහ බටේපොළ විජයසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd