ආපන ශාලා හිමිකරුවකුටයි කොත්තු බාස් කෙනෙකුටයි පරාටයක් දෙපැත්ත පුළුස්සන අයුරු ඉගැන් වූ පොලිස් පරීක්ෂකවරයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් ඉදිරිපිට ආපන ශාලාවකි. මෙම ආපන ශාලාවේ හිමිකරු තරමක් වයෝවෘද්ධ පුද්ගලයෙකි. ආපන ශාලාව හිමිකරුගේ වයසට සමාන කොත්තු බාස් කෙනෙක් කලක සිට සේවය කරයි. කොත්තු බාස්ට උදේට බිත්තර රොටි පරාටා හා එළවළු රොටි දැමීමට සිදුව තිබේ. සවසට කොත්තු රොටි දැමීම සිදු කරයි.
ඉකුත් දිනක පෙරවරුවේ අසල පිහිටි පොලිසියේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් උදේ කෑමට ආපන ශාලාවට ගියේය. ආපන ශාලාවේ සිටින වේටර්වරයා පොලිස් පරීක්ෂකවරයාගෙන් ‘‘සර් කන්නේ මොනවාදැ’’ යි විමසීය. පරාට අරන් එන ලෙස පොලිස් පරීක්ෂකවරයා වේටර්වරයාට කීවේය.
අත් දෙක සෝදාගෙන පුටුවක හිඳගත් පොලිස් පරීක්ෂකවරයා වෙත පිඟාන තබා පරාටා පහක් ගෙනත් තබා පරාටා කෑමට පිඟානක් හා ව්‍යාංජන ගෙන ඒමට වේටර්වරයා යළි ගියේය.
පොලිස් පරීක්ෂකවරයා පරාටා පිඟාන දෙස බලා පරාටයක් ගෙන අත් දෙකෙන්ම පරාටය හරවා හරවා මේ පරාටවල එක පැත්තයි පුළුස්සලා තියෙන්නේ අනිත් පැත්ත පුළුස්සලා නෑ කොහොමද කන්නේ යැයි ආපන ශාලා හිමිකරුගෙන් විමසුවේය.
බුලත් විටක්ද සපමින් සිටි ආපන ශාලා හිමිකරු සිනාමුසු මුහුණින් පොලිස් පරීක්ෂකවරයා පෙන්වන පරාටය දෙස බලමින් සිටියේය.
පොලිස් පරීක්ෂකවරයා විසින් එල්ල කරන චෝදනාවලට ආපන ශාලා හිමිකරුගෙන් සතුටුදායක පිළිතුරක් නොමැති අවස්ථාවේදී පොලිස් පරීක්ෂකවරයා පරාටා පුළුස්සමින් සිටි කොත්තු බාස් ගෙන්වාගෙන පරාටය ඇයි එක පැත්තක් පමණක් පුළුස්සා ඇත්තේ යැයි විමසීය.
‘‘නෑ සර් පරාටයේ දෙපැත්තම පුළුස්සලා තියෙන්නේ’’.
‘නෑ නෑ දෙපැත්ත පුළුස්සලා නෑ බං යමන් මම පරාටයක දෙපැත්ත පුළුස්සන හැටි පෙන්වන්න’ යැයි පවසා පොලිස් පරීක්ෂකවරයා පරාටා පුළුස්සමින් තිබුණු තැටිය අසලට කොත්තු බාස් රැගෙන ගියේය.
පසුව පරාටා පුළුස්සන තැටිය අසල මේසය මත තිබුණු පිටි බෝලයක් ගෙන පරාටයක් සකසා තැටියට දමා එක පැත්තක් පිළිස්සීමෙන් පසුව සෙසු පැත්ත ද පුළුස්සන අයුරු පෙන්නුවේය.
‘‘තේරුම් ගත්තා සර් තේරුම් ගත්තා මම මෙච්චර කල් පරාටයක එක පැත්තයි තමයි පිළිස්සුවේ ගෑස් සිලින්ඩරයකුත් සර් රුපියල් 4200 ක් විතර වෙනවානේ. ගෑස් සිලින්ඩරය ඉක්මනට ඉවර වුනාම ලොක්කා මට දොස් කියනවා. ඒ හින්දා මම පරාටයක එක පැත්තයි පිළිස්සුවේ. ඒක මම පිළිගන්නවා. ගෑස් සිලින්ඩරය ඉක්මනට ඉවර වුණාම ලොක්කා මට බනිනවා පරාටය හරියට පිළිස්සුනේ නැති නම් සර් මට දොස් කියනවා. කවුරු කියන කතාව ද මම අහන්නේ කියලා තේරෙන්නේ නෑ’’ යැයි වේටර්වරයා පොලිස් පරීක්ෂකවරයා හමුවේ හිස නමා පවසා තිබුණු බව වාර්තා වෙයි.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පොලිස් ලොක්කාගෙන් කොත්තු බාස්ට පරාටා පාඩමක්
sampath Monday, 24 October 2022 03:31 PM
පොලීසියේ නිලධාරියා නිල ඇඳුමින් කොහොමද පරාටා කන්න ගියේ.