පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
සුරූපී බිරියට මංගල යෝජනාවක් රැගෙන පැමිණි තරුණයකු පිළිබඳ පුවතක් මහනුවර ප්රදේශයෙන් වාර්තා වේ.
ප්රධාන මාර්ගයේ නගර සීමාවේ පදිංචි තරුණයකු විදේශගතව සිටි මීට සති කීපයකට පෙර නිවස බලා පැමිණ ඇත.
නිවසට පැමිණ මවුපියන් සමග කාලය ගත කරමින් සිටි ඔහුට මාර්ගයේ අනෙක් පස ඇති නිවසක සිටින සුරූපී කාන්තාවක ඇස ගැටිණි. ඇය දෙස බලමින් දින කිහිපයක් ගත කළ තරුණයා ඉදිරිපස නිවසේ සිටින අය ගැන මවුපියන්ගෙන් විමසූ විට මෑතකදී පදිංචියට පැමිණි කට්ටියක් බවත් නිවසේ සිටින්නේ පියත් දුවත් පමණක් යැයි දැනගන්නට ලැබී තිබේ.
අදාළ තරුණිය ගැන තමන්ගේ අදහසක් ඇති බවත් මවුපියන් ඒ ගැන මොකද කියන්නේ යැයි තරුණයා විමසූ විට ඊට විරෝධතාවක් නොමැති බව ඔහුගේ මව ප්රකාශ කර ඇත.
ඒ අනුව පසුවදා මවුපියන් සමග තරුණියගේ නිවසට ගොස් තමන් ඉදිරිපස නිවසේ පදිංචිකරුවන් බවත් දැන හැඳින ගැනීම සඳහා පැමිණි බවත් මවුපියෝ නිවෙසේ හිමියාට පැවසූහ.
සතුටින් අසල්වාසීන් පිළිගත් නිවෙස් හිමියා බිරිය සමග එක්ව තේ පැන් සංග්රහයක් සූදානම් කළේය. තේ පැන් සංග්රහය භුක්ති විඳින ගමන් තරුණයාගේ මව තම පුතා දුව ගැන අදහසක් තියෙනවා යැයි පැවසුවාය.
මවගේ ප්රකාශය ගැන වැටහීමක් නොවුණු තැන නිවෙස් හිමියා ‘දුව කීවේ’ යනුවෙන් විමසූ විට තරුණයාගේ මව මම මේ කීවේ දරුවා ගැන යැයි පැවසුවාය. එවිට කාරණය ගැන පැහැදිලි වුණු නිවසේ හිමියා අනේ මේ මගේ දුව නෙවෙයි මේ මගේ බිරිය අපි විවාහ වෙලා අවුරඅදු පහළොවක් විතර වෙනවා. ගොඩක් අයට බිරිදයි මායි පේන්නේ තාත්තයි දුවයි වගේ. ඒ නිසා දැන් අපි දෙන්නා එකට ගමන් බිමන් යන්නෙන් නැති තරම්. මෙහෙම ගියොත් අපි දෙන්නට ගෙදර ඉන්නවත් බැරිවෙයිද දන්නේ නැහැ යැයි නිවෙස් හිමියා පැවසුවේය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අල්ලපු ගෙදර කත විවාහ කරගන්න සැමියාගෙන්ම අහලා