IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බල්ලෙකුට සාත්තු කරලා සීඅයිඩියටත් යන්න වෙලා

වලව - කේ.පී. සුමනදාස
අයාලේ ගොස් තුවාල වී සිටි බල්ලෙකුට වෙදකම් කරන්න ගොස් සෙවනගල ප්‍රාදේශයේ තරුණ දුප්පත් කාන්තාවකට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න සිදු වූ අපූරු පුවතක් වාර්තා වේ.


ඉතා අහිංසක දුප්පත් විවාහක අවුරුදු 30 ක් පමණ වන කාන්තාවක් රෝගාතුරව සිටින බල්ලන්, බළලු‍න්, හරක් වැනි සතුන් සුවපත් කිරීම සඳහා පශු වෛද්‍ය කාර්යාලයට ඇගේ වියදමින් රැගෙන ගොස් වෙදකම් කර සුව කරන්නීය. 


ඇය මෙම කාර්යය කරන අතරතුර ඇගේ ජංගම දුරකථනයේ මුහුණුපොත හරහා මෙම කාර්යය සඳහා කණ්ඩායමක් ගොනු වූහ. මේ සඳහා කොළඹ ප්‍රදේශයේ ආරක්ෂක අංශයට සම්බන්ධකම් කියන අයකුගේ බිරියක්ද කණ්ඩායමට ගොනු වී සිටියාය. 


දිනක් සෙවනගල තරුණ කත අයාලේ යන බල්ලකු බරපතළ ලෙස තුවාල වී සිටිනු දැක එම බල්ලාට වෙදකම් කර සුව කිරීමට සිතා බල්ලාගේ පින්තූරයක් තම මුහුණු පොතට යොමු කළාය.


කණ්ඩායමේ අය ඇය කරන සත් ක්‍රියාවට උදව් උපකාර කළහ. ඔවුහු මුහුණු පොත හරහා මෙම ක්‍රියාව සිදු කළහ. ඇය මුහුණු පොතට පින්තූරය යොමු කළ තුවාල වී සිටි බල්ලා වෙදකම් කිරීමට රැගෙන යාමට නිවසට ගෙනවිත් සිටියදී යළි බල්ලන් රංචුවට එක්කාසු වී ගියේය.


ඇයට එම බල්ලා පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන යාමට නොහැකි විය. මේ පිළිබඳව දැනගත් කණ්ඩායමේ සිටි ආරක්ෂක අංශයට සම්බන්ධ අයගේ බිරිය ඇයට මේ හේතුවෙන් අපහාසයක් සිදු වූ බවත් බල්ලාට වෙදකම් කිරීම හිතාමතාම අතහැර දැමූ බවත් පවසා කොළඹ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කළාය.


පැමිණිල්ලට අනුව පසුගිය දිනක සෙවනගල පොලිසියෙන් ඇයගේ නිවෙසට පැමිණ බල්ලකු පිළිබඳව ඇයට විරුද්ධව කොළඹ අපරාධ විමර්ශන අංශයේ පැමිණිලි කර ඇති බැවින් එහි ගොස් කට උත්තරයක් ලබාදෙන ලෙස පැවැසීය. 


මේ පිළිබඳව පුදුමයට පත්වූ ඇය සැමියා සමග කොළඹ අපරාධ විමර්ශන අංශයට ගොස් කට උත්තර දුන්නාය.


අහිංසක සතුන්ට වෙදකම් කිරීමට ගොස් පොලීසියේ ඉහළම ස්ථානයකට ගොස් කට උත්තර ලබාදීමට සිදු වීම පිළිබඳව ඇයට කිසිදු කළකිරීමක් නොතිබුණි. එහෙත් මුහුණු පොත හරහා සම්බන්ධ වී ඇය යොමු කරන පින්තූර උපයෝගී කරගෙන මෙන්ම ඇය සතුන්ට වෙදකම් කරන අයුරු පිළිබඳව තොරතුරු රැගෙන වෙනත් මාර්ගයකින් මුදල් උපයමින් සත්ගුණවන්තියක් ලෙස හැසිරුණ ආරක්ෂක අංශයට සම්බන්ධ සැමියකුගේ බිරිඳ පිළිබඳව ඇත්තේ මහත් කලකිරීමක් බවත් ඇය කීවාය.

 



අදහස් (4)

බල්ලෙකුට සාත්තු කරලා සීඅයිඩියටත් යන්න වෙලා

vihanga Wednesday, 26 October 2022 02:08 PM

ආරක්ෂක අංශයක නම් අහන්න දෙයක් නෑ... හොර ගුහාවල් තමයි.

:       0       10

Senarath Thursday, 27 October 2022 03:15 PM

මේ වගේ හොරු සමාජයේ ඕනේ තරම් ඉන්නවා .ඒ උදවිය කරන්නේ අනුන් කරන හොඳ දේකින් ප්‍රසිද්ධිය ලැබීම හෝ මුදල් හම්බු කිරීම

:       0       3

sampath Thursday, 27 October 2022 09:56 PM

අසත්‍ය පැමිණිල්ලක් කලාට නීතිය ක්‍රියාත්මක කලානම් හරි .අනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් ඕනේ මල දානයක් භාරගන්නවද. මේක බැලු බැල්මට පේනවනේ කිසි තේරුමක් නැති කතාවක් කියලා

:       0       5

visnu Friday, 28 October 2022 09:48 AM

දැන් පොලිසියට වැඩ නැහැ මම හිතන්නේ. සෑම පොලිස් බල ප්‍රදේශයකම අපරාධ රාශියක් සිදුවී ඇතත් ඒවා විසඳීමට හෝ වැළැක්වීමට කිසිදු පොලිස් නිලධාරියෙකු උනන්දු නොවුණත් ඔවුන් සියල්ලෝම අනවශ්‍ය ක්‍රියාකාරකම්වල යෙදෙති. ඔවුන් තමන්ගේ වගකීම දන්නේ නැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 50 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site