IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මිතුරා රට යවන්න ගිය රියේම නෝනා බිරිය කරගෙන ගෙදර ගෙනත්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මිතුරා ගුවන් තොටුපොළට ඇරල වූ වාහනයෙන්ම ඔහුගේ භාර්යාව සිය නිවෙසට කැන්දාගෙන ආ අපූරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණේ ප්‍රධාන නගරයකින් අසන්නට ලැබේ.


දෙදෙනාම ගජ මිතුරෝය. එකෙක් විවාහකය. අනෙකා අවිවාහකය. කෑවේ බිව්වේ එකටය. ගමන බිමනත් එහෙමය. දෙදෙනාගේම නිවෙස් දෙදෙනාටම විවෘතය.


කොරෝනා ව්‍යසනයත් සමගම විවාහක මිතුරාගේ ව්‍යාපාර කඩා වැටුණේය. ඒ ආයෙත් ගොඩගන්න බැරි ආකාරයටය. එහෙයින් ඔහු විදෙස්ගත වීමට තීරණය කළේය. භාර්යාවත් මිතුරාත් ඊට අලගු තැබූහ. ඒ විතරක්ම නොව ඔහුට ඊට අවැසි කාර්යයන් ද නොපිරිහෙලා ඉටුකර දුන්හ.


විවාහක මිතුරා රට යෑමේ දිනය උදාවිය. ගුවන් තොටුපොළට ඔහු ඇරලීමට ඇරියුම් ලැබුවේ භාර්යාව සහ මිතුරාය. වාහනයක් ද කුලියට ගත්තේය. එයින් ඔවුහු ගුවන් තොටුපොළට ගියහ.


ගුවන් තොටුපොළේ දී භාර්යාව සිය සැමියා වෙලාගෙන හැඬුවාය. දෙමිතුරන් සමුගත්තේ ද වේදනාවෙන්ය. දුක් සන්තාපයෙන්ය.


විවාහක මිතුරා වෙහෙසකාරී ගුවන් ගමනකින් පසු විදෙස් රටට පැමිණි පසු සිය භාර්යාව දුරකතනයෙන් ඇමතීමට ඇමතුමක් ලබා ගත්තේය. එය ක්‍රියා විරහිතය. දෙතුන් වතාවක්ම උත්සාහ කළේය. එය ගඟට කැපූ ඉනි මෙනි.


සිය අතිජාත මිත්‍රයා ඇමතුවේ ඉන්පසුවය. ඔහුගේ දුරකථනය ක්‍රියාත්මකය. සැනසුම් සුසුමක් හිතට ආවේය. 


‘මචං මම නෝනට කෝල් කළා ෆෝන් එක වැඩ නැහැ. මොකක්වත් කරදරයක් ද දන්නේ නැහැ. පොඩ්ඩක් හොයලා බලපන්’ ඔහු කීවේය.


‘හා මචං... එයාට කරදරයක් නම් නැහැ. එ්ත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.’


‘මොකක්ද? ඒ’ යැයි ඔහු ඇසුවේ පපුව ගැහි ගැහිය. 


‘මචං මේකයි කාරණේ, උඹ එයාපෝට් එකට බස්සලා එද්දී එයාට ගෙදර යන්න බැහැ කිව්වා. උඹ නැතුව පාළුයි කියලා, අපේ ගෙදර නවතින්න එන්න ඕනෑ කියලා. මම ඉතින් එයා එක්කන් අපේ ගෙදර ආවා’ යයි කීවිට විවාහක මිතුරාට දෙවියන් බුදුන් සිහිවුවත් කරන්නට කිසිදෙයක් නොවීය.



අදහස් (0)

මිතුරා රට යවන්න ගිය රියේම නෝනා බිරිය කරගෙන ගෙදර ගෙනත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site