IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සව් කොළයකට ලව් කරලා මගුල එතැනින්ම නැවතිලා

මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි
සරුංගලයකට ආදරය කරන්නට යාම නිසා ස්ථිරව තිබූ යෝජිත මංගල්ලය, මංගල ඇඳුම් සඳහා මිමි දීමට ගිය දිනයේ කැඩී බිඳී මනාලිය අහිමි වූ මනාලයකු පිළිබඳ පුවතක් දොම්පෙ ප්‍රදේශයේ ගම්මානයකින් පසුගියදා වාර්තා විය.


ගම්පහට නුදුරු ගමක තරුණියකට මංගල යෝජනාවක් ඉදිරිපත් විය. මනාලයා තරමක් ආසන්න නගරයක පදිංචිකරුවෙක් විය. දෙපාර්ශ්වයේ නෑදෑ හිතවත්හු ගෙවල් දොරවල් බලා මංගල්ලය තීරණය කළහ. මනාලයා මනාලිය බලන්නට ඇගේ නිවෙසට ද වරින් වර පැමිණියේය. ඇය හා අල්ලාප සල්ලාපයේ යෙදී ආපසු ගියත්, කිසි විටක අනාගත බිරියට ත්‍යාගයක් හෝ ගෙනෙන්නට ඔහු කටයුතු කළේ නැත. එහෙත් ඒ ගැන මනාලිය හෝ පවුලේ කිසිවකු ගණනකට ගත්තේ ද නැත.


මෙසේ කාලය ගත වෙද්දී මංගල්ලයට දින නියම කර ගැනිණි. මංගල ඇඳුම් කැඩුම් සඳහා මිමි ලබා දෙන්නට මනාලිය ද සමග එන ලෙස මනාලයාගේ වැඩිහිටියෝ දැනුම් දුන්හ. ඒ අනුව මනාලියගේ පාර්ශ්වයේ පිරිසක් මනාලිය ද සමග මනාලයාගේ නිවෙසට ගියේ උදේ වරුවේය. වැඩිහිටි කිහිප දෙනකු යුවළ සමග පිටව ගිය අතර, දරුවන් කිහිප දෙනකු ඇතුළු සෙසු අය නිවෙසේ රැඳී සිටියහ. නිවෙසේ පැත්තක සරුංගලයක් එල්ලා තිබිණි. එය ඕනෑවට එපාවට සැදූ එකක් බව පෙනුණි. 


පිරිසේ සිටි දරුවකු සරුංගලය ගෙන යාබද වෙල්යායට ගියේ සරුංගලය ඉහළ යවමින් විනෝද වන්නටය. හෝරාවක් දෙකක් ගත වෙද්දී මනාලයා මනාලිය ඇතුළු පිරිස නිවෙසට පැමිණියහ. ටික වේලාවක් ගත වෙද්දී දරු පිරිස සරුංගලය ද රැගෙන එනු දුටු මනාලයා යක්ෂාවේෂ වූයේය. සිය මවට බැණ අඬ ගැසූ ඔහු, “මං පණ වගේ ආදරේ කරන සරුංගලය එක එකාට ගෙනියන්න දුන්නේ ඇයි” දැයි ඔහු මවගෙන් ප්‍රශ්න කරද්දී මනාලියගේ පාර්ශ්වයේ පිරිස අන්දුන් කුන්දුන් වූහ.


තැනින් තැනට වී පිරිස කසුකුසු ගාද්දී මනාලිය වික්ෂිප්තව සිටියාය. එකා දෙන්නා පැමිණි වාහනවලට ගොඩ වෙද්දී මනාලයාගේ පාර්ශ්වයේ වැඩිහිටියන් කෑම ටිකක් කාලා යන්නැයි කෙරුණු ආරාධනාව ප්‍රතික්ෂේප කර ආපසු ගියේ, සව් කොළයකට ආදරය කරන්නකුගෙන් තම දියණිය බේරා ගන්නට ලැබීම ගැන ඇති වූ සතුටු සිතක් ද ඇතිවය.

 



අදහස් (1)

සව් කොළයකට ලව් කරලා මගුල එතැනින්ම නැවතිලා

sampath Tuesday, 18 October 2022 06:51 PM

ගම්පහ සරුංගල් කියන්නේ ඉතින් රටටම ප්‍රශ්නයක් තමයි

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17827 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site