IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සොහොනේ යක්කු ගමේ යක්කු මට්ටු කරලා

වසර ගණනාවක් ගමේ අයට හයිරන් පෙන්වමින් ගමම බිය කරගෙන සිටි චණ්ඩියාට තරුණයන් තිදෙනෙකුගේ ක්‍රියාවක් නිසා සතියක් පමණ කාලයක් උණ රෝගය වැලඳී කට්ටඩියකුගේ ඇප නූලක් බැඳීමෙන් පසු සුවය ලැබීමේ සිදුවීමක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.


මත් වතුරට ගිජුකමක් දක්වන හැටපස් වියේ පසුවන මොහු ගමේ ප්‍රධාන චණ්ඩියා මෙන්ම ප්‍රසිද්ධ සමාජ සේවකයෙකි. මඟුලක දී අවමඟුලක දී මෙන්ම ගමේ පොදු වැඩක දී කැපී පෙනෙන චරිතයකි. ඒ හැම තැනකදීම තමන්ට මූලාසනය හෝ ගුණ කථනයක් මොහුට නොලැබුණහොත් සිදු වන්නේ මහා විපතකි.


එදින හවස මත් වතුරෙන් පදම්වන මොහු ගමේ හංදියට පැමිණ තමන්ට කතාවක් නොදුන් සංවිධායකට සංවිධායක මණ්ඩලයට ලුණු ඇඹුල් ඇතිව දෙහි කපන්නේය.


වසර තිහ හතළිහක පමණ කාලයක සිට මොහු විසින් කරගෙන එනු ලබන මෙම ක්‍රියාව ගමේ කොල්ලන්ට මෙන්ම අනෙක් අයටද මහත් හිසරදයකි. එමනිසා ඔහුට හොඳ පාඩමක් උගන්වා මෙයට තිත තැබීමට තරුණයෝ තිදෙනෙක් කතිකා කර ගත්හ.


ඔහු මෙදින අසල ගමක පැවති අවමංගල්‍යයකට සහභාගිවී පදමට රත්වී ගීතයක් මුමුණමින් පා ගමනින් රාත්‍රී 12ට පමණ සිය නිවස බලා විදුලිපන්දමද රැගෙන ගමන් කරමින් සිටියේ තනිවමය. මොහුගේ නිවස බලා ගමන් කළ යුත්තේ ගමේ පොදු සුසාන භූමිය හරහාය. සුසාන භූමිය අසලට පැමිණෙනවාත් සමඟම ඔහුගේ අත තිබූ විදුලි පන්දම කිසියම් අයෙක් විසින් පැහැරගෙන ක්ෂණයකින් එය නිවී ගියේය.


සිදුවූ හදිසි සිද්ධියෙන් වික්ෂිතභාවයට පත් ඔහු වටපිට බැලුවේ ‘කවදාකවත් නැතිව මේ මොකද වුණේ’ කියා ය. ගතවූයේ තවත් විනාඩි කිපයකි. එක්වරම ඇඟට වැදුණු වේවැල් පාරකින් මුළු ඇඟම වේවුලුම්කා ගියේය.


“මම මේ සොහොන ලඟින් හැමදාම යන මිනිහනේ. යකෝ මේ මොකද අද මට වෙන්නේ’ සිදුවීම් අදහාගත නොහැකිය. තනිවම කල්පනා කරන්නට විය. පැවති බිය සමඟ කටහඬ අවදි විය.


‘‘යකෝ සොහොන්වල යක්කුන්ට මාව බය කරන්න බෑ. ඔයිට වඩා යක්කුත් එක්ක හැප්පුණු කෙනෙක් මං. මගේ ඔළුවට ඉහළින් කුරුල්ලෙකුවත් යන්නේනෑ. පුළුවන්නම් හැප්පිල බලමු’’. අවටින් නැගුණු හූ හඬත් සමඟම ඇඟපුරා හැලුනේ වතුර බාල්දියකි. “අම්මෝ මව බේරා ගනියෝ. මට සොහොන් යකා ගැහුවෝ.” යැයි කියමින් කෑගසමින් ඔහු එතනම ඇද වැටුණේය.


වහා ක්‍රියාත්මකවූ තරුණයන් තිදෙනා ඔහු ළගට පැමිණ “මොකද මාමේ මේ බිම වැටිලා කෑ ගහන්නේ” යැයි විමසුවිට විවිධ දේ කියමින් කෑ ගසමින් ඔහු දොඩවන්නට විය. පසුව ඔවුන් මාමා ඔසවාගෙන ඔහුගේ නිවසට රැගෙන යන විටත් මුළු ඇඟම දහදියෙන් තෙමි තිබිණි.
නිවැසියන්ට පැවසුවේ ‘‘මාමා සොහොන ළඟ වැටිලා සිටියා. අපි අරගෙන ආවා’’ කියාය.


ඔහුගේ තත්ත්වය හොඳ නොවූයෙන් එම තරුණයෝ ගමේ කට්ටඩි මහතා රැගෙන ඒමට කටයුතු කළහ. ඒ වෙනවිටත් මෙම සිද්ධිය ආරංචි වී අසල්වැසියෝද නිවසට පැමිණියහ.


පසුදින වනවිට උණ රෝගය වැළඳී තත්ත්වය තවත් උත්සන්න වී තිබුණු අතර විවිධ දෑ කියමින් දොඩවනවා හැර පැමිණෙන අය හෝ අසන කියන දෙයක් සම්බන්ධයෙන් ඔහුට තේරුමක් නැත. දින කිපයක් මෙසේ ගත විය. එදින රාත්‍රියේ ගමේ පිරිත් කණ්ඩායම පැමිණ පැයක පමණ කාලයක් පිරිත් සඡ්ජායනයක යෙදුණු අතර, ඉන්පසුව ඔහුගේ තත්වය සුව අතට හැරුණි.


දින කීපයකින් ගමේ කටකතාවකින් පැතිර ගියේ මාමාට හොල්මනක් පහරදී නැති බවත් නම් සඳහන් නොවුණු තරුණයන් කීපදෙනෙකු විසින් මොහු මෙතෙක් කරගෙන ආ අශෝභන ක්‍රියාවට විරෝධය දැක්වීමට මෙසේ ක්‍රියාකර ඇති බවකි. එම පුවත ද මාමාගේ මෙන්ම පවුලේ අයගේ කනට වැටුණි. එතැන් පටන් මාමා පොදු වැඩවලදී නායකත්වය ගෙන කටයුතු කළත් මෙතෙක් ක්‍රියාත්මක කළ අශෝබන වැඩට තිත තැබිණි.

 

හසලක සුනිල් ඒකනායක



අදහස් (0)

සොහොනේ යක්කු ගමේ යක්කු මට්ටු කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site