කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
පුතුගේ උපන්දිනය නිමිත්තෙන් පාසල් මිතුරන් සමග බොන්න දෙයක් ගන්න යැයි පවසා දුන්නු රුපියල් දෙදහසින් පුතු අමුතුම බීමක් මිතුරන් සමග බීමෙන් අලි අමාරුවක වැටුණු මවක් පිළිබඳව දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
පියා පිටරට ය. මව මෙරට ය. ඔහු දහය වසරේ ය. උපන්දිනය පැවතියේ ඊයේ පෙරේදා ය. පුතුගේ උපන්දිනය පාසලේ දී සැමරීමට මව ඔහුට දුන්නේ ඉලක්කම් හතරේ නෝට්ටුවකි.
වත්මන් තත්ත්වය හමුවේ මිතුරන්ට කෑම සමග බීම දීමට එය ප්‍රමාණවත් නොවන නිසා අම්මා රුපියල් දෙදහස පුතුගේ අත තියා කීවේ මේකෙන් මිතුරන් සමග මොනවා හරි බොන්න කියමිනි.
පන්තියේ පිරිමි ළමයි කිහිප දෙනෙක්ම හදිසියේ ලෙඩ වූහ. වමනය යාම, විසි වෙවී යාම ඒ අතරය. පන්තිභාර ගුරුවරයා, විනය භාර ගුරුතුමාටත් ඔහු ශ්‍රේණි භාර ගුරු භවතාටත් ඔවුන් සියලුදෙනා විදුහල්පතිටත් මේ පන්තියේ ළමයින්ගේ හදිසි අසනීප තත්ත්වය ගැන පැවසුවේ ඒ වනවිට ද ඔවුන්ට වැළඳී තිබූ හදිසි අසනීප තත්ත්වය ගැන නොදැනම නොවේ.
රුපියල් දෙදහස දුන් අම්මාට මෙන්ම හදිසියේ ලෙඩ වූ අනෙක් දරුවන්ගේ අම්මලා ද පාසලට ගෙන්වූයේ දරුවන් හදිසියේ ලෙඩවූ බව දන්වමිනි. මෙයින් කලබලයට පත් බොහෝ මව්පියන් පැමිණියේ ඇඳිවත පිටිනි. ඒ තමන්ගේ දරුවන්ගේ හදිසි අසනීප තත්ත්වය දැනගෙන එයට වහා ප්‍රතිකාර ලබාදීමටය.
පාසලට පැමිණි අම්මලා තාත්තලාට කාරණය වැටහිණ. අම්මා මොනවා හරි බොන්න යයි දුන්නු මුදලින් පුතා ලෝකයේ තියෙන නොම්මර එකේ හොඳම මත්වෙන බෝතලයකින් භාගයක් ගෙන තිබිණ. එහි මූඩියකින් දෙක දෙක දී ඔහු මිතුරන් සමග ජන්ම දිනය සමරා ඇත්තේ බොහෝම සීරුමාරුවටය. අරපිරිමැස්මෙන්ය. ඒ පාසල් විවේක කාලපරිච්ඡේදයේ දීය.
පාසලේ පහසුකම් ගාස්තු ගෙවන්න රුපියල් එක්දහස් ගණන ගෙවන්න සල්ලි නැති වුණාට පුතාගේ ජන්ම දිනය සමරන්න දෙන්න සල්ලි තියෙනවා මේ අම්මට යයි කියමින් විදුහල්පති ඇයගේ රෙදි ගැලෙව්වේ ගුරුන්, දෙගුරුන් සම්මුඛයේ ඇය කර ඇති වරදේ බරපතළකමත් එයින් පාසලට වූ අපකීර්තියත් ගැන පැහැදිලි කරමිනි.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුතුගේ උපන්දිනයේදී මිතුරන් බඹරු වෙලා