IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සපත්තු මහන්නාගේ ​‘දොරේ’ කතාවට මහත්තයට ජුවල්

සපත්තු මහන්නාගේ සේවය ලබාගැනීමට පැමිණි පුද්ගලයාට සපත්තු මහන්නා ‘දොරේ’ කියා ආමන්ත්‍රණය කිරීමෙන් කෝපයට පත්ව ‘වැදගත් මිනිස්සුන්ට වැදගත් විදිහට කතා කරන්න ඉගෙන ගනින්’ යැයි පවසා සපත්තු මහන්නාට පහර දීමට තැත් කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් මහනුවර නගරයෙන් වාර්තා වේ.


හොඳට හැඳ පැළඳගත් වයස අවුරුදු 40ක් පමණ වයසැති අයෙකු මදුවිතෙන් පදම් වී තමා හැඳ සිටි සපත්තු ජෝඩුව පිළිසකර කර දෙන මෙන් නගරයේ වීදියක සපත්තු මසන පුද්ගලයෙකුගෙන් ඉල්ලීමක් කර ඇත.


සපත්තු මහන්නා ‘‘අනේ දොරේ අද දෙනවා කියා ගන්න බැහැ. වැඩ ගොඩයි. අද නම් දෙන්න විදියක් නැහැ තියලා යන්න දොරේ’’ කියා පැවසීමත් සමග ‘‘මම කවුද කියලා උඹ දන්නවාද? මට දොරේ කියන්න’’ යනුවෙන් පැවසූ සපත්තු හිමිකරු මසන්නාගේ බඩු මුට්ටුවලට පා පහර දීමට පටන් ගැනීම නිසා බියට පත් සපත්තු මසන්නාගේ කෑගැසීම නිසා අවට සිටි උදවිය සපත්තු මහන්නා ළඟට පැමිණ කරුණු විමසූ විට සපත්තු මහන්නා ‘‘මේ දොරේ මට ගහන්න හදනවා’’ යැයි පැවසීය. එවිට සපත්තු මැසීමට පැමිණි පුද්ගලයා ‘‘අන්න දැක්කද මේ මනුස්සයා වැදගත් මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නෑ මට දොරේ කියල අපහාස කළා’’ යැයි පැවසීය.


මේ කතා බහ අසා රැස්ව සිටි පිරිස අතර සිටි තරුණයකු ‘‘අනේ මහත්තයා දොරේ කියන්නේ දෙමළ භාෂාවෙන් මහත්තයා කියන එකටයි. ඒක තේරෙන්නේ නැති මේ වගේ මහත්වරුන්ට සිං​ඤ දොරේ කියල කීවානම් ඉවරයි’’ යැයි ප්‍රකාශ කිරීමත් සමඟ රැස්ව සිටි පිරිසගේ සිනහව සමඟ සපත්තු මැසීමට පැමිණි පුද්ගලයා හෙමින් සීරුවේ මාරු වී ගියේ කිසිවක් නොවූ ගානටය.

පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර

 



අදහස් (0)

සපත්තු මහන්නාගේ ​‘දොරේ’ කතාවට මහත්තයට ජුවල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17825 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site