IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොඩිවින කපන්න ආ කට්ටඩියා ගෙහිමි කත එක්ක අනඟ රැඟුමේ

කොඩිවිනයක් ගොඩ ගැනීම සඳහා තාවකාලිකව නිවසක නේවාසික වූ කට්ටඩියකු  නිවැසියන්ගෙන් සිවුපසින් උපස්ථාන ලබන අතරතුර නිවැසි කාන්තාව සමග අනඟ රැඟු‍ම් පාන්නට ගොස් ගෙහිමියා ගෙන් මෙන්ම අසල්වාසීන්ගෙන් ද බඩ කට පුරා ගුටිකා රැගෙන ආ මන්ත්‍ර පොත් ටිකද අතහැර දමා මහ රෑම අතුරුදන් වූ බව කියවෙන පුවතකි.


සිද්ධිය මෙසේය.


ඔහු හද්දා පිටිසර ගම්වැසියෙකි.  නූගතකු වුවත්  කුඹුරු වතුපිටි ආදායම් සරු වීම නිසා යමක් කමක් උපයාගෙන යහමින් ජීවත් වූවෙකි. නූගත්කම නිසාම ගමේ සෙසු අය මෙන්ම අනවිණ කොඩිවිණ, හදි හූනියම්, යක්ෂයන්, ප්‍රේතයන්  පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කළ අයෙකි.


විවිධ හේතු නිසා ඔහුගේ වතුපිටිවල ආදායම් පහළ වැටෙද්දී ඔහු නිරතුරුවම කල් ගත කළේ කිසිවකු තම  නිවසට කොඩිවිනයක් සිදු කර ඇතැයි සිතමිනි.


ඒ නිසාම ඔහු අවසානයේ දී කට්ටඩියකු  සොයා ගියේ කළ යුත්තේ කුමක් දැයි විමසන්නටය. තම සේවාදායකයා පත්ව සිටින තත්ත්වය සැකහැර දැනගත් කට්ටඩියාද තමුන්ගේ දක්ෂතා පිළිබඳ ගෙනහැර පාමින් ඔහුට සාධාරණයක් ඉටුකර දෙන බව පැවැසුවේ ඔහුට මද අස්වැසිල්ලක් ගෙන දෙමිනි.


පසුදිනම අවශ්‍ය කළමනා ආදියද මන්ත්‍ර පොත් කීපයක්ද මල්ලක දමා ගත් කට්ටඬියා පෙර කී පුද්ගලයාගේ නිවසට පැමිණියේ කලින් දින ලබා දුන් පොරොන්දුව අකුරටම ඉෂ්ඨ කරමිනි.


පැමිණි විගසම නිවස මෙන්ම ගෙවත්ත ද පරීක්ෂා කළ කට්ටඩියා මද වේලාවකට පසුව නළල රැලි ගන්වමින් කියා සිටියේ ගෙවත්ත තුළ කිසියම් බලවත් කොඩිවිනයක් වළදමා ඇති අතර එය ගොඩ ගැනීමට හෝ එහි බලපෑම විනාශ කිරීමට දින කීපයක් නිවසේ නතර වී වත් පිළිවෙත් රැසක් සිදු කළ යුතු බව නිවැසියන්ට පවසමිනි.


එය ඉතා සුළු කාරණයක් බවත් කොඩිවිනය ගොඩ දමා දෙන්නේ නම් ඒ  සඳහා ඕනෑම පහසුකමක් සැලසීමට තමාටත් බිරියටත් හැකි බවත් පැවසූ නිවැසියා ඔහුට නිවසේ තිබූ හොඳම කාමරය සූදානම් කර දුන්නේ ඊට ඇවැසි සෙසු කළමනා ද ආහාරපාන ආදිය ද පිළියෙල කර දෙමිනි.


ආහාර පාන, ඉඳුම් හිටුම් ආදියෙන් පමණක් නොව මත්පැන් වලින් ද සංග්‍රහ  ලැබූ හෙතෙම සවස් භාගයේ පහන් කීපයක්  පත්තු කරමින් හා  මන්ත්‍ර ජප කරමින්  විවිධ සෙල්ලම් දමන්නට වූයේ ගෙහිමියා පමණක් නොව නිවසේ කාන්තාව ද තම වසඟයට ගනිමිනි.


මේ අතරතුර සැමියා කුඹුරු වතුපිටිවලට යන එන වෙලාවල් බලමින් ගෙහිමියාගේ තරුණ බිරිය සමඟ ද අනඟ රැඟු‍ම් පාන්නට වූ  කට්ටඬියා දින කීපයක් ගත වෙද්දී  ඇය අනියම් පෙම්වතිය බවට පත් කර ගත්තේ ගෙහිමියාටද නොදැනෙන්නටය.


කට්ටඬියාගේත් තම  බිරියගේත් ප්‍රේමාලිංගන දින කීපයක් තුළදී අතටම අල්ලා ගත් ගෙහිමියා අසල්වැසි තරුණයන් කීප දෙනෙකු ද එක්ව කට්ටඬියාට බඩ කට පුරා සලකද්දී ඔහු රැගෙන ආ මන්ත්‍ර පොත් ටිකත් අතහැර  නිරාවරණ උඩුකයෙන්ම පැන දිව්වේ  ගමේ කොලු කුරුට්ටන්ගේ හූ හඬ මැද්දේය. අතහැර දමා ගිය මන්ත්‍ර පොත් ටික ගෙන්වා ගැනීමට ඔහු දැන් පණිවිඩ පිට පණිවිඩ එවනවා ලු‍.

 

වියලු‍ව වාර්තාකරු



අදහස් (1)

කොඩිවින කපන්න ආ කට්ටඩියා ගෙහිමි කත එක්ක අනඟ රැඟුමේ

tikira Saturday, 08 October 2022 01:51 PM

අපේ ගමේත් එහෙම තොවිලයක් තිබුණනේ... ඒ වෙලාවේ ගමම වටවෙලා කට්ටඩියන්ට තඩිබෑවනේ.. අන්තිමට නටපු තොවිලයකුත් නැහැ... බෙරේ කෑලිත් නැහැ. ඔවුන් ඔක්කොම දාලා දුවලා තමයි පණකෙන්ද බේරගත්තේ...!

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site