IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ටී.වී හොරාගෙන්ම කෝල් එකක් ඇවිත්

පෞද්ගලික ආයතනයක සේවකයන්ට ලබා දුන් නේවාසිකාගාරයක රූපවාහිනිය හොර රහසේ ගලවාගෙන ගිය සොරා දවස් කීපයකට පසු ආයතන කළමනාකරු ඇමැතීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර ප්‍රධාන නගරයකින් අසන්නට ලැබිණි.


ඒ නගරයේ ප්‍රකට ආයතනයකි. සේවකයන් වෙනුවෙන් ආයතනය ආසන්නයෙන් නේවාසිකාගාරයක් ලබාදී ඔවුන්ගේ පහසුව තකා අඟල් 32 ප්‍රමාණයේ විශාල රූපවාහිනියක්ද බිත්තියකට සවිකර දී තිබේ. සවස් කාලයේ සේවය නිමකර නේවාසිකාගාරයට පැමිණෙන සේවකයන් රාත්‍රියේ රූපවාහිනිය නරඹා පසුදා උදෑසන සේවයට යන අතර ඔවුන් නැවත නේවාසිකාගාරයට පැමිණෙන්නේ සවස් කාලයේය. 


මේ අතර බඩේ අමාරුවක් යැයි පවසා දිවා කාලයේ නේවාසිකාගාරයට පැමිණි සේවකයකු තමා එනවිට නේවාසිකාගාරයේ තිබූ රූපවාහිනිය නැතැයි ආයතනයේ කළමනාකාරවරයකුට පවසා තිබේ.


ඒ අනුව කළමනාකරු නේවාසිකාගාර පාලකවරයා ලවා ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී දැක ඇත්තේ රූපවාහිනිය නැති බවට පැමිණිලි කළ සේවකයා ඉකුත් දින ඒ අසල ඇති ආරක්ෂක කැමරාවක් රෙදි කඩකින් වසා දමන අයුරුයි. ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂා කිරීමේදී ඔවුන්ට දැක ගැනීමට හැකිව ඇත්තේ දිවා කාලයේ නේවාසිකාගාරයට පැමිණෙන සේවකයා හතරැස් අතට ගෝනි පඩංගුවක එතූ යමක් රැගෙන යන ආකාරයයි. 


ඒ අනුව සේවකයාගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ තමා ගමේ ගොවිතැන් කරන නිසා වී වේළීමට ගෝණි පඩංගුවක් ත්‍රිරෝද රථයක පටවා තම ගමට යැවූ බවයි. 


එය රෝලක්සේ ලෙහෙසියෙන් ගෙන යාමට අවස්ථාව තිබියදී හතරැස් ආකාරයෙන් ගෙන යන්නේ මන්දැයි විමසූවිට ඔහු දුන් පිළිතුරට අනුව කළමනාකරුත් පාලකවරයාත් තීරණය කර ඇත්තේ මෙයට පොලිසියෙන් විසඳුමක් ලබා ගතයුතු බවයි.


පසුදින කළමනාකාරවරයාට දුරකතන ඇමැතුමක් ලැබිණි. ඒ සේවකයාගෙනි. අනේ සර් පොලිසි යන්න එපා, මම තමයි රූපවාහිනිය ගෙනිච්චේ හෙටම ගේන්නම්. ඒ අනුව පසු දින බලද්දී රූපවාහිණිය තිබුණු තැනම නැවත සවිකර  තිබෙනු දක්නට ලැබිණි. 
බුලත්සිංහල ලක්මි කුඩලිගම



අදහස් (0)

ටී.වී හොරාගෙන්ම කෝල් එකක් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 68 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site