IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දරුවන්ට පාඩමක් උගන්වන්න තාත්තා මළැයි කෝල් එකක් දීලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
රෝහලට ඇතුළත් කර එක් දිනක්වත් සුව දුක් බැලීමට නොපැමිණි යැයි දරුවන් පිළිබඳ කනස්සල්ලට පත්වී ප්‍රතිකාර ලබා ඥාති නිවෙසකට ගොස් රෝහලේ දී මිය ගිය බවට දුරකතන පණිවුඩයක් මිනිපිරියක මගින් ලබා දී ඇතැයි කියන සිව් දරු පියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ රෝහලකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක වයස අවුරුදු 76 වූ සිව් දරු පියකු වූ ඔහු දියණියන් දෙදෙනකුගේ නිවාසවල පදිංචිව සිටියි. බිරිය කලකට ඉහතදී මිය ගොස් ඇති අතර එක් දියණියක් මහ ගෙදර නිවසේ ද අනෙක් දියණිය ඊට ආසන්නයේ ද නිවාස තනාගෙන පදිංචිව සිටිති. අනෙක් දරුවන් සිටින්නේ පිට පළාත්වලය.


මෙම පියා දින කිහිපයක් මහගෙදර පදිංචිව සිටින දියණිය සමග ද තවත් දින කිහිපයක් ඒ අසල පදිංචිව සිටින දියණියගේ නිවෙසේ ද පදිංචිව සිට දිවි ගෙවූ ඔහු කලක සිට හැන්දෑවට මත්පැන් පානය කර පැමිණ දියණියන් දෙදෙනාට ද බෑනාවරුන් දෙදෙනාට ද දොස් නගයි. කෑම, ඇඳුම් පැළඳුම් ලබා දුන්න ද හැන්දෑවට මත්පැන් පානය කිරීමට මුදල් නොදීම හේතුවෙන් මෙලෙස තමන්ට දොස් පවරන බව එක් දියණියක් කීවාය.


ඉකුත් දිනක සිව් දරු පියාට බඩේ දැවිල්ලක් සෑදීම නිසා දියණියන් දෙදෙනා විසින් ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට බාර දී ගොස් ඇති අතර දින තුනක් නේවාසිකව ප්‍රතිකාර ලැබුවත් ඔහු බැලීමට එක් දියණියක්වත් නොපැමිණියාය.


අසනීප තත්ත්වය සුවවීමෙන් පසුව රෝහලෙන් රෝගීයාට නිවසට යා හැකි බව දන්වා තිබේ. පසුව මොහු බාහිර රෝගී අංශයෙන් ද ලබා ගැනීමට දී තිබුණු ඖෂධ ටිකත් ලබාගෙන පයින්ම කිලෝමීටර් 11 පමණ ඈතින් පදිංචිව සිටින බාල සහෝදරයාගේ පිරිමි දරුවකුගේ නිවෙසකට වැස්සෙම තෙමි තෙමී ගියේය. 


නිවෙසට ගිය සිව් දරු පියා මිනිපිරියක ලවා එක් දියණියකගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගන්නා ලෙසත් ගත්තාට පසුව කතා කරන්නේ රෝහලෙන් බවත් රෝගියා මිය ගිය බව දන්වන ලෙසත් දන්වා තිබේ.
පසුව මිනිපිරිය සිව් දරු පියා ලබා දී ඇතැයි කියන උපදෙස් පරිදි දුරකතන අංකයට ඇමතුමක් දී මරණය සම්බන්ධයෙන් තොරතුරු දන්වා තිබුණි.


පසුව දුරකතන ඇමතුම ලබාගත් දියණිය හඬා ගෙන අල්ලපු නිවසේ පදිංචිව සිටින සහෝදරියට දන්වා ඔවුන්ගේ රැකියාවල නිරතව සිටින සැමියන්ට ද අසල්වැසියන්ට ද දන්වා ත්‍රිරෝද රථයකින් දේහය ලබා ගැනීමේ අරමුණින් අඬ අඬා රෝහලට පැමිණ තිබේ.


එක් දියණියක මරණය පිළිබඳ රෝහලෙන් විමසා සිටියදී දන්වා ඇත්තේ එවැනි පුද්ගලයකු  මිය ගොස් නොමැති බවත් වහාම රෝහල් පොලිසියට ගොස් විමසා සිටින ලෙසත්ය. 


පසුව දියණියන් දෙදෙනා මහ හයියෙන් කෑ ගසාගෙන පොලිසියට පැමිණ ඇති අතර රෝහල් පොලිසියෙන් ද එවැනි පුද්ගලයකුගේ දේහයක් නොමැති බව දන්වා තිබේ. 


රෝගියා මිය ගිය බවට දුරකතන ඇමතුම ලබා දී ඇතැයි කියන ජංගම දුරකතනයට දියණියක් යළි ඇමතුමක් ගෙන සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් කළාය.


එහිදී අනාවරණය වී ඇත්තේ රෝහලට ඇතුළත් කර ගියා ගියාමයි නේවාසිකව ප්‍රතිකාර ලබන අවස්ථාවේ දී එක් දියණියක්වත් සුව දුක් බැලීමට නොපැමිණීම හේතුවෙන් කනස්සල්ලට පත් වී සිව් දරු පියාගේ උපදෙස් පරිදි ඥාති දියණියක ලවා දුරකතන ඇමතුම ලබා දී ඇති බවය.


මෙතෙක් වේලා අඬමින් සිටි දියණියෝ දෙදෙනා ඉන් පසුව කඳුළු පිස දමමින් පියා පදිංචිව සිටින නිවෙසට යාමට පිටත් වූහ.



අදහස් (1)

දරුවන්ට පාඩමක් උගන්වන්න තාත්තා මළැයි කෝල් එකක් දීලා

fairoos Wednesday, 19 October 2022 02:18 PM

ජීවතුන් අතර ඉන්නකොට බලාගන්න බෑ... මැරුණට පස්සේ බොරු සෝබන..! 

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site