ජීවත්වීමේ අරගලයට මුහුණදීම සඳහා නැන්දම්මා දියත් කිරීමට ගිය ස්වයං රැකියාව අලුත ගෙනා ලේලිය නිසා ලත් තැනම ලොප් වූ පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි.
නැන්දම්මා රාජ්‍ය සේවයේ නියැලී සිටි අයෙකි. ඇය දැන් විශ්‍රාමික සුවයෙන් පසුවන්නීය.
සිය පුතා සමඟ නිවසේ පසුවූ ඇය තම පුත්‍රයාට සහකාරියක් සෙව්වාය.
ඔහුත් රජයේ රැකියාවක් කරන නිසා සහකාරිය ලෙසට සෙවුවේ නිවසේ දරුවන් රැක බලාගෙන ගේ දොර වැඩකටයුතු කර ගැනීමට සමත් කතකි.
එලෙස කීප දෙනෙකුම සොයා හිත ගිය කතක ඔහු විවාහ කර ගත්තේය.
පුතා කොළොම්පුරයේ සේවය කරන නිසා නැන්දම්මා හා ලේලිය නිවසේ පසුවූවාය.
ලේලියට රැකියාවක් නැති නිසා නැන්දම්මා සොයන වැටුපට අමතරව මුදලක් සොයන්නට නැන්දම්මා වෙහෙසුණේ සෑම බඩුවකම මිල ඉහළ ගොස් ඇති බැවිනි.
ඇය පොල් කටු හැඳි විකිණීමේ ස්වයං රැකියාවක් පවත්වාගෙන යාමට සැලසුම් කළාය.
හැඳිවලට අවශ්‍ය ලී අවට අයෙකු යොදවා කපා ගත්තේ ය. ඊට ගෙවිය යුතු කුලියත් ගෙව්වාය.
ඒ අතර ඇය පොල් කටුත් සොයා ගත්තාය.
කපා ගත් ලී හා පොල් කටු දුම් ගසන්නට ළිප අසලින් තැබුවාය. ඒ ගුල්ලන්ගෙන් ආරක්ෂාකර ගැනීමටය. දින කීපයක්ම ළිප අසල ඒවා එලෙස තබා සිටින අතරවාරයේ නැන්දම්මාට වට වන්දනාවේ යාමේ භාග්‍ය උදා විය. ඒ අතරේ ඉවුම් පිහුම් කටයුතුවල යෙදුණේ නවක ලේලිය යි.
විදුලිය විසන්ධි කිරීම සිදු වෙන නිසාත්, නැන්දම්මා වන්දනාවේ ගොස් ආපසු එන නිසාත් හනි හනිකට ලේලිය ඉවුම් පිහුම්වල යෙදුණාය.
ඒ අතර වැස්සක් ආ නිසා පිටතට ගොස් දර ටිකක් ගෙට ගැනීමට ද නොහැකි විය.
එම නිසා ඇය නැන්දම්මා ළිප අසල පෙළට තබා තිබෙන හැඳිවලට ගත් ලී හා පොල්කටු ළිපට දැම්මාය. ඒ අතර වන්දනාවේ ගිය නැන්දම්මා ගෙට ගොඩවුණාය.
හැඳි හදන්නට ගෙනා පදම්කර තිබෙන ලී කෝටු හා පොල්කටුවලට කර තිබෙන හානිය දුටු නැන්නදම්මාට යක්ෂයා ආරූඪ වූවාය. ඇය කෑ ගැසුවාය.
අවසානයේ ඒ ශබ්දය ඇසී දිව ආ අසල්වැසියන්ට ඉතිරි කෝටු හා පොල්කටු ටිකත් නැන්දම්මා ගින්නට දමා පුලුස්සමින් දියත් කළ රැකියාව නිමා කරන අයුරු පෙනුණා ලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම
2025 නොවැම්බර් මස 04
50
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුතාට බිරිඳක් ගෙනත් නැන්දම්මාගේ රැකියාවට කණකොකා හඬලා