IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පින් අඩිකාරයාට පාඩමක් උගන්වන්න ගිහින් දවල් තරු පෙනිලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
පිනට අඩිගහන මිතුරාට අමතක නොවන පාඩමක් උගන්වන්න ගොස් අමතක නොවන පාඩමක් ඉගෙන ගත් මිතුරන් පිරිසක් පිළිබඳව අපූරු පුවතක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ.


ඔහු අංක එකේ පින් අඩි කාරයෙකි. මිතුරන් බොන පාටිවලට ගියත් ඔහු එයට රුපියලක දෙයක් එක් නොකළේය. මිතුරන් එකතුවී ඇති තැන ඉවෙන්මෙන් හඳුනා ගන්නා ඔහු එතනට කඩා පාත්වෙන්නේ කතා කරන්නට ලොකු මාතෘකාවක් ද රැගෙනය. සමහර ඒවා පට්ටපල් බොරුය . හතරැස් ඒවාද ඒ අතරවිය.


අනාරාධනයෙන්ම වීදුරුවක් කටට හලා ගන්නේ එදා දවසේ  කතාව තව තවත් රස කර කීමට මෙනි. එතැනින් නොනවතින ඔහු සිතේ ඇති තරමටම කටේ වත් කර ගනුයේ මත් වී සිටින මිතුරන්ට ඒ පිළිබඳව වගේ වගක් නැති බව හොඳින් දන්නා නිසාය.


  මුවින් නොබැන්නත් මිතුරන් සිටියේ මේ ගැන විරසකයෙනි. ඔහු නැති තැන මේ ගැන මිතුරෝ කතා කළහ. ඒ වරක් දෙවරක් නොව කිහිප වරක්මය. 


එදත් මිතුරන් ස්ථානගත වී ඇති තැන ඔහු සොයාගෙන ගියේය. වෙනදාට වඩා එදා කවුරුත් ඔහු හොඳින් පිළිගත්තෝය. වෙන්කර තිබූ වීදුරුවකට ඔහුට එකක් දෙකක් දුන්නෝය. ගතවූයේ ටික වේලාවකි. ඔහු එතැනින් දිවගියේ ටක් ගාලා එනවා යයි කියමිනි. කියූ පරිදි ඔහු ආවේය. ඒ සැනින් ආයෙත් ගියේය. ආයෙ  ආයෙත් ආවේය. ආයේ ආයෙත් ගියේය. යන එන එකේ සීමාව සීමා රහිත වූවේය.


එක් අවස්ථාවකදී ඔහු සිහිසුන් වූවාක් මෙන් විය. මේ සමගම මිතුරෝ එකසිය ගානට බියවූහ. ඒ නිසාම ඔවුහු සිය මිතුරා රෝහල් ගත කළහ. තමන් කළ විහිළුව වෛද්‍යවරයාට කීවේ නොකියා බැරිවූ  නිසාය. ප්‍රමාණයට වඩා බඩ විරේක දීම නිසා  තව මොහොතක් දෙකක්  හෝ ප්‍රමාද වූවේ නම් විජලනයට ලක්ව ඔහු මිය යන බව වෛද්‍යවරයා පැවසුවේ ඔහුට සේලයින් ප්‍රතිකාරය ලබා දෙමිනි. 


ඒ සමගම මිතුරන් එකිනෙකාගේ මුහුණු බලා ගත්තේ  මේ වගේ විහිළු ආයෙත් නම් ජීවිතේටවත් නොකරනවා යැයි සිතමිනි.



අදහස් (0)

පින් අඩිකාරයාට පාඩමක් උගන්වන්න ගිහින් දවල් තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17825 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site