ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් ජෝන් කීල්ස් සමූහයෙන් LOLC Finance අතට
මෙරට ප්රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සිය පරිපාලිත සමාගමක් වූ ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් පීඑල්සී සමාගමේ කොටස් 11,286,000ක් අලෙවි කළ බව පවසයි. ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමූහය මේ බව පවසා තිබේ.