IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පාරිභෝගිකයාට සාධාරණයක් කරනවා නම් බිස්නස් වැටීමක් වෙන්නේ නැහැ

ගොවියන්ගෙන් එළවළු ගන්න තැන ඉඳන් ඒ භාණ්ඩය පාරිභෝගිකයාට විකුණන තැන දක්වාම හොඳ සම්බන්ධතාවක් තියෙනවා නම් බිස්නස් එකේ රඳා පැවැත්මක් තියෙනවා. ඊට අමතරව අපි වෙළෙඳපොළ මිල සහ පාරිභෝගිකයා භාණ්ඩයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන මිල සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා නම් බිස්නස්වල කඩාවැටිමක් වෙන්නේ නැහැ.

කිරිබත්ගොඩ පතිරණ පලතුරු වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික 
ජේ.පී.ජේ.ජයලත්


මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට කිරිබත්ගොඩ වෙළෙඳ නගරයට ගිය ගමනේ දී අප ගොඩවැදුණේ පතිරණ පලතුරු වෙළෙන්දෝ වෙළෙඳ ආයතනය වෙතයි. ඒ ගිය ගමනේ දී එහි ව්‍යාපාරික ජේ.පී.ජේ.ජයලත් මහතා බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.


මේ දිනවල බිස්නස් කොහොමද?
බිස්නස්වල අඩුවීමක් වෙලා නැහැ. එළවළු සහ පලතුරු මිල ගණන් ස්ථාවරව පවතින්නේ නැහැ. ඒවා වැස්ස, නියගය කියන දේශගුණික සාධකත් එක්ක වෙනස් වෙනවා. අපි ඒ වෙනස්වීම හඳුනාගෙන පාරිභෝගිකයාට සාධාරණයක් කරනවා නම් බිස්නස්වල කඩාවැටීමක් වෙන්නේ නැහැ.


Qබිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
අපි මීට කලින් කුරුණෑගල තමයි බිස්නස් කළේ. කොරෝනා එක්ක බිස්නස් පවත්වාගෙන යෑමේ ගැටලු‍ ඇති වුණ නිසා තමයි කිරිබත්ගොඩට ඇවිත් මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. මම බිස්නස් කරන්න පටන් අරගෙන වසර තිහක් වෙනවා. මේ වෙද්දී පුතයි මමයි එකතුවෙලා බිස්නස් එක පවත්වාගෙන යන්නේ. සේවක කුලි ගෙවන්න වියදමක් යොදවන්න අවශ්‍ය නොවන එකත් බිස්නස් එක හොඳ මට්ටමකට පවත්වා ගන්න හේතුවක්. 
වෙළෙඳපොළට නිකුත් කරන එළවළු පලතුරු අපි ගන්නේ මහනුවරින්. මම එහෙට ගිහින් ගන්නේ නැහැ. ඒ අය අපිට බඩු එවනවා. ගොවියන්ගෙන් එළවළු ගන්න තැන ඉඳන් ඒ භාණ්ඩය පාරිභෝගිකයාට විකුණන තැන දක්වාම හොඳ සම්බන්ධතාවක් තියෙනවා නම් බිස්නස් එකේ රඳා පැවැත්මක් තියෙනවා.
ඊට අමතරව අපි වෙළෙඳපොළ මිල සහ පාරිභෝගිකයා භාණ්ඩයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන මිල සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා නම් බිස්නස්වල කඩාවැටිමක් වෙන්නේ නැහැ.  ඒ කියන්නේ එළවළු අඩු මිලකට දුන්නොත් බිස්නස් තියෙනවා. අනෙක් වෙළෙන්දෝ බී ලූනු කිලෝ එකක් 150ට විකුණද්දී අපි බී ලූනු කිලෝ එකක් විකුණන්නේ 120ට නම් එතන බිස්නස් එකක් තියෙනවා. සමහර දිනවල උදේ ඉඳන් දහවල් 12 විතර වෙද්දී ලූනු බෑග් දෙකක් ඉවරයි. අඩුවට දුන්නොත් බිස්නස් තියෙනවා. මරාගෙන කෑවොත් බිස්නස් නැහැ. මෙන්න මේ තියරිය හරියට හඳුනා ගත්තොතින් බිස්නස්වල පාඩුවක් වෙන්නේ නැහැ.
 
මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා



අදහස් (1)

පාරිභෝගිකයාට සාධාරණයක් කරනවා නම් බිස්නස් වැටීමක් වෙන්නේ නැහැ

ගුණරත්න Wednesday, 09 July 2025 03:38 PM

ඔන්න ඔහොමයි ව්‍යාපාර කරන්න ඕනෑ. කරුණු කාරනා තේරුම් ගත් වැදගත් මහත්තයෙක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site