IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකාව ගිම්හානයේ හොඳම ගමනාන්ත 3 අතරට

ජූලි සහ අගෝස්තු මාසවලදී විදේශීය සංචාර සඳහා තෝරා ගත් ජනප්‍රියතම ගමනාන්ත තුන අතර ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි නවතම ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීමේ දත්තවලින් සනාථ වී ඇත.

එමිරේට්ස් වාර්තා කරන පරිදි, ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකාව සඳහා සෙවීම් ප්‍රමාණය සියයට 32 කින් ඉහළ ගොස් ඇත. පොහොසත් සංස්කෘතික වටිනාකම්, පිරිසුදු වෙරළ තීර, තේ වතු හා සාධාරණ මිලට ලබා ගත හැකි සුඛෝපභෝගී අත්දැකීම් සඳහා ශ්‍රී ලංකාව පැහැදිලිවම ප්‍රියතම ගමනාන්තයක් බව ගුවන් සමාගම පවසයි.

මෙවර ගිම්හානයේ දී ජාත්‍යන්තර සංචාර තෝරා ගැනීම් ඉතා ඉහළ මට්ටමකට ළඟා වෙමින් ඇති අවස්ථාවක, ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර වෙන්කිරීමේ දත්ත හා ඒ සම්බන්ධ සෙවුම් රටා පිළිබඳ එමිරේට්ස් හි නවතම විශ්ලේෂණ ප්‍රතිඵල මගින් ජූලි සහ අගෝස්තු මාසවලදී සංචාරකයන් යාමට සිහින දකින ගමනාන්ත පිළිබඳ තොරතුරු හෙළි කර දෙයි. එමගින් පැහැදිලි වන පරිදි මේ දිනවල සංචරකයන්ගේ වැඩි නැඹුරුවක් ඇත්තේ නව සංස්කෘතික අත්දැකීම් සහ සාමාන්‍ය ගමන් මාර්ගවලින් බැහැර වූ නැවුම් ස්ථාන වෙතයි.

මෙවර ගිම්හානයේ සංචාර සඳහා ගුවන් ගමන් සෙවීම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 7 කින් ඉහළ ගොස් ඇත. වෙනත් රටවලට යන සංචාරවල සෙවීම් කැපී පෙනෙන ලෙස සියයට 35 කින් වැඩි වී ඇති අතර සෙවීම් අතින් පළමු තැන හිමිකරගත්තේ ප්‍රංශය වන අතර, දෙවැනි ස්ථානයේ අයර්ලන්තය හා ඉන් පසු කැනඩාව හා සෞදි අරාබිය පිළිවෙළින් සිටිී.

දිනපතා එමිරේට්ස් ගුවන් ගමන් හතරකින් සේවය ලබන ශ්‍රී ලංකාව සඳහා ගුවන් ගමන් සෙවීම්වල ප්‍රමාණය සියයට 32කින් ඉහළ ගොස් ඇත.    

 



අදහස් (0)

ශ්‍රී ලංකාව ගිම්හානයේ හොඳම ගමනාන්ත 3 අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site