
ඔක්තෝබර් මාසයේ මුල් දින 04 තුළ මෙරට වෙත සංචාරකයන් 23,349 දෙනකු පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
පළමු දින දෙකේදී පිළිවෙළින් සංචාරකයන් 6,751ක් සහ 6,441ක් පැමිණ ඇති අතර, 03 සහ 04 යන දිනවලදී එම පැමිණීම් 5,574ක් සහ 4,583ක් දක්වා අඩු වී තිබේ.
කෙසේ වෙතත් මෙම සංචාරකයන් සංඛ්‍යාවත් සමගින් වසර තුළ මෙතෙක් මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,717,028 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අතරින් සංචාරකයන් 447,479ක් ඉන්දියාවෙන් පැමිණ තිබේ. එසේම එක්සත් රාජධානියෙන් 161,886ක් සහ චීනයෙන් 114,678ක් ලෙස මෙම සංචාරකයන් සටහන්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd