මනම්පිටිය වේවැල් කර්මාන්තයේ අර්බුදය
ඈත අතීතයේ සිටම පොළොන්නරුව මනම්පිටිය, ශ්රී ලංකාවේ හොඳම වේවැල්, ගඩොල්, වැලි කර්මාන්ත, සඳහා ප්රසිද්ධව පවතින ප්රදේශයකි. එම නිසාම දිවයිනේ විවිධ ප්රදේශවලින් බොහෝ පිරිස් වේවැල්, ගඩොල්, වැලි, ලබාගැනීමට මනම්පිටිය ප්රදේශයට අද වන විටත් පැමිණෙමින් සිටිති.