ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත අගයකට
ලෝක වෙළෙඳ පොළේ රන් මිල ඊයේ දිනයේදී වාර්තාගත ඉහළ අගයකට පත් වූ බව වාර්තා වෙයි. ඒ අනුව ඊයේ (22) දිනයේදී රන් අවුන්සයක මිල එක්සත් ජනපද ඩොලර් 3,500.05ක් දක්වා ඉහළ නැගි අතර, දිනය අවසානයේදී එය ඩොලර් 3,479.50ක් බවට පත්විය.