IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලොව විශාලතම කලාගාරය පෝර්ට් සිටියේ ඉදිකරන සැලසුමක්

  • සුප්‍රසිද්ධ බිග් බෙන් ඔර්ලෝසුව හා සමාන මීටර් 15ක් විශාල ඔර්ලෝසුවක් ඉදිකිරීමටත් සැලසුම්

භානුක අමරසිංහ

කොළඹ වරාය නගරය කලාත්මක නව සංකල්ප සඳහා වන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින්, ලොව විශාලතම කලාගාරය ඉදිකිරීම සඳහා Clothespin Management and Development (Private) Limited නම් සමාගමක් ඉදිරිපත්ව සිටින බව වාර්තා වෙයි. 

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව පසුගිය ජූලි 14 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව සඳහන්ව තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මගින් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කර ඇති මෙම lothespin Management and Development (Private) Limited මෙරට තුළ සංස්ථාගත සමාගමකි.

කොළඹ වරාය නගරයෙහි 2-01-11 දරන බිම් කැබැල්ල තුළ වර්ග මීටර් 24,324 ක භූමියක මෙම ව්‍යාපෘතිය සිදුකෙරෙන බව සඳහන් වෙයි. සමාගම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 540 කට අධිකය.

මෙහිදී එම ව්‍යාපෘතිය Clothespin twin-tower නමින් ද්විත්ව කුලු‍නු ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීම සැලසුම වී තිබේ. ඒ තුළ ලොව විශාලතම සිරස් කලාගාරය සඳහා ඉඩ පහසුකම් පවතින බව සඳහන් වෙයි. එසේම එහි සුඛෝපභෝගී නිවාස, තරු හතේ හෝටලයක්, ඉහළ තත්වයේ සිල්ලර වෙළෙඳසල් මෙන්ම කාර්යාල පරිශ්‍රයක්ද පවතිනු ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී සමාගම මගින් සිදු කරන මූලික ආයෝජනය ලෙස භූමියේ බදු සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 75 ක මුදලක්ද, ඉදිකිරීම් පිරිවැය සහ පූර්ව මෙහෙයුම් වියදම් සඳහා ඩොලර් මිලියන 465 ක මුදලක්ද වෙන් කර තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා එම සමාගම සිදු කරන සමස්ත ආයෝජනය ඩොලර් මිලියන 540 කි. එසේම ව්‍යාපෘතිය සඳහා පළමු වසර තුළ සේවකයන් 280 දෙනකු බඳවා ගන්නා බවද සමාගම පවසයි.

එම සමාගමට අනුව මෙම ව්‍යාපෘතිය ලෝකයේ විශාලතම කලාගාරය ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් කිරීමත් සැලසුමකි. එසේම මෙම ව්‍යාපෘතිය තුළ දැවැන්ත බිග් බෙන් ඔරලෝසුව හා සමාන වූ මීටර් 15 ක් විශාල සුවිසල් ඔරලෝසුවක් ඉදිකිරීමටද සැලසුම් කර ඇතැයි සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම ගැසට් පත්‍රය නිකුත් කරන දින සිට මාස හයක් ඇතුළත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සමග අදාළ බිම් කැබැල්ල සඳහා වන ඉඩම් බදු ගිවිසුමකට ඇතුළත් වීමට එම සමාගම ක්‍රියා කළ යුතුව තිබේ. එසේ නොවුණහොත් එම සමාගමට පිරිනමා ඇති ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර තත්වය අවලංගු වනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.



අදහස් (0)

ලොව විශාලතම කලාගාරය පෝර්ට් සිටියේ ඉදිකරන සැලසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site