IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් අක්කර 1.4ක ඉඩමක් රුපියල් බි. 1.1කට ප්‍රයිම් ලෑන්ඩ්ස්ට විකුණයි

භානුක අමරසිංහ

ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන බේස්ලයින් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමට අයත්ව තිබූ කොළඹ 09, බේස්ලයින් පාරේ පිහිටි පර්චස් 229.5 ක (අක්කර 1.4 ක) විශාලත්වයකින් යුත් ඉඩම් කොටස් දෙකක් ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගමට අලෙවි කළ බව පවසයි. 

පසුගිය ජූලි 18 වැනිදා එම ගනුදෙනුවට අදාළ එකඟතාවට පිවිසීම සිදුව ඇති අතර, මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.1 ක් වන බව එම සමාගම ඊයේ (21) ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත අනාවරණය කර තිබේ. 

ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම ඉඩම් කැබලි දෙක එම සමාගම විසින් 2015 වසරේදී මිලදී ගෙන ඇත්තේ රුපියල් මිලියන 330 ක වටිනාකමකටය. ඒ අනුව වසර 10 කට පසුව එය අලෙවි කිරීම හරහා එම සමාගමට  සියයට 233 ක ආයෝජන ප්‍රතිලාභයක් (ROI) හිමිව තිබෙන බවත් සමාගම පවසයි.

මෙම භූමියේ කාමර 2 ක් සහ 3 ක් ඇතුළත් නිවාස ඒකක 600 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට බේස්ලයින් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමේ සැලසුම විය. එහෙත් එය ක්‍රියාත්මක නොවුණි. ඒ අනුව මෙම අලෙවියෙන් පසුව ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම එම භූමියේ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක් කිරීමට නියමිතව තිබේ. 

මෙහිදී එම සමාගම ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් සමගින් ඇති කරගත් එකඟතාව යටතේ ගනුදෙනුවේ වටිනාකමින් රුපියල් මිලියන 500 ක මුදලක් අදාළ ඔප්පු හුවමාරුව සිදුවන අවස්ථාවේදී ගෙවීමට එකඟ වී ඇතැයි පවසයි. ඉතිරි රුපියල් මිලියන 600 ක වටිනාකම සඳහා එම නිවාස ව්‍යාපෘතියේ ඉහළ මහල් හි පිහිටි වර්ගඅඩි 19,950 ක විශාලත්වයක් ගන්නා නිදන කාමර දෙකක/තුනක නිවාස ඒකක ලබාදීමට මෙම එකඟතාවේදී දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර තිබේ.



අදහස් (0)

ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් අක්කර 1.4ක ඉඩමක් රුපියල් බි. 1.1කට ප්‍රයිම් ලෑන්ඩ්ස්ට විකුණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site