IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සූර්ය බලශක්තිය ව්‍යාපෘතියකට Trinasolar සහ Solaris Energy අත්වැල් බැඳ ගනී

 

  • ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 25ක භාවිතයට ගත හැකි සූර්ය බලශක්තිය උත්පාදනය සැලසුමයි

උසස් තත්වයේ PV සහ බලශක්ති ගබඩා විසඳුම් ලබා දීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Trinasolar  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෝලා බෙදාහරින්නකු වන Solaris Energy (පුද්) සමාගම සමග පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹිණි. රට පුරා උපරිම මෙගාවොට් 25ක සූර්ය මොඩියුල සැපයීම හා සවි කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම මෙම ගිවිසුමේ අරමුණ විය. ලොව විශාලතම සෝලා කර්මාන්ත ප්‍රදර්ශනය වන ෂැංහයිහි පැවති SNEC 2025 හිදී මෙම ගිවිසුමට නිල අත්සන් තබන ලදී.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා Trinasolar Asia Pacific හි සභාපති Todd Li, මහතා සහ Solaris Energy හි ප්‍රධාන විධායක නිලධාරී ටී. තිරියඹගන් යන මහත්වරු සහභාගී වූහ. 

මෙම හවුල්කාරීත්වය යටතේ දකුණු ආසියානු වෙළෙඳපොළ සඳහා Trinasolar හි කැපවීම මනාව පිළිබිඹු වේ. තවද පිරිසුදු හා තිරසාර බලශක්ති ප්‍රභව වෙත මාරුවීම කඩිනම් කිරීම සඳහා වන මෙරට ජාතික ඉලක්ක සපුරා ගැනීමටද මෙම හවුල්කාරීත්වය ශක්තියක් සපයනු ලබයි. මෙම ගිවිසුමට අනුකූලව Trinasolar සමාගම ශ්‍රී ලංකාවේ උපයෝගිතා පරිමාණ සූර්ය ව්‍යාපෘති සඳහා සිය උප කොන්ත්‍රාත්කරුවකු ලෙසSolaris Energy සමාගම නම් කරනු ඇත. 

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් Trinasolar Asia Pacific  හි දකුණු, අග්නිදිග හා මධ්‍යම ආසියාවේ සමූහ අධ්‍යක්ෂ එල්වා වැන්ග් මෙසේ සඳහන් කර සිටියේය. Solaris Energy සමඟ ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අනාගතය වෙනුවෙන් දිගුකාලීන කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. අපගේ කර්මාන්තයේ ප්‍රමුඛතම Vertex N මාදිලියSolaris හි ශක්තිමත් දේශීය පැවැත්ම සමග එක් කිරීමෙන් පිරිසුදු බලශක්ති ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා සහාය වන විශ්වාසදායී හා ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් සෝලා යටිතල පහසුකම් ලබාදීමට අවශ්‍ය හැකියාව අප විසින් ලබා දෙනවා. එමෙන්ම මේ හරහා තිරසාර වර්ධනය වේගවත් කිරීමට සහ ජාත්‍යන්තර තත්වයේ තාක්ෂණයෙන් ශ්‍රී ලංකාව බලගැන්වීමටත් අපි බලාපොරොත්තු වනවා.

මෙම හවුල්කාරීත්වයෙහි ප්‍රධාන සාධකය ලෙස n-type i-TOPCon cell  තාක්ෂණය ඇතුළත් Trinasolar හි Vertex N  නිෂ්පාදන පෙළයි. ඉහළ කාර්යක්ෂමතාව, මනා උෂ්ණත්ව ක්‍රියාකාරීත්වය මෙන්ම අවම බලශක්ති පිරිවැය උදෙසා නිර්මාණය කර ඇති මෙම Vertex N නිෂ්පාදන පෙළ මෙරට නිවර්තන දේශගුණයට හා ජාතික ජාල අවශ්‍යතා සඳහා වඩාත් වැදගත් වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ Solaris Energy හි ප්‍රධාන විධායක නිලධාරී ටී. තිරියඹගන් මහතා මෙසේ සඳහන් කර සිටියේ ය.“ශ්‍රී ලංකාවේ භාවිතයට ගත හැකි තත්වයේ ව්‍යාපෘති සඳහා උසස් තත්වයේ සෝලා විසඳුම් ලබා දීම සඳහා ගෝලීය තාක්ෂණ ප්‍රමුඛයකු වන Trinasolar සමඟ එක් වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ බලශක්ති හැකියාව ඉහළ නැංවීමේ අනාගතයක් වෙනුවෙන් යටිතල පහසුකම් ලබා දීමේ ප්‍රමුඛ ඉදිරි පියවරක් ලෙස සඳහන් කළ හැකියි. පිළිගත් ගෝලීය නවෝත්පාදන සමගින් දේශීය විශේෂඥතාව එක් කරමින් කාබන් විමෝචනය අවම අනාගතයක් ශ්‍රී ලංකාවට උරුම කරදීම අපගේ අරමුණ වී තිබෙනවා.

Trinasolarගෝලීය වශයෙන් අත්කරගෙන ඇති පිළිගැනීම මත මෙම ගිවිසුමට එළඹි අතර ඒ අනුව ආසියානු පැසිෆික් කලාපය පුරා උසස් තත්වයේ සෝලා තාක්ෂණය වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ඔවුන් විසින් අඛණ්ඩව ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දෙනු ඇත. විශේෂයෙන් Solaris වැනි විශ්වාසවන්ත දේශීය හවුල්කරුවන් සමග එක්ව කටයුතු කිරීමෙන් මෙරට බලශක්ති අනාගතය සවිබල ගැන්වීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කරන Trinasolar නවෝත්පාදනය හා තිරසාරභාවය පිළිබඳ සිය කැපවීම හා ඉහළ කාර්යසාධනයක් සහිත සමාගමක් ලෙස ජනතා පිළිගැනීම සමඟින් විශ්වසනීය සූර්ය බලශක්ති විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටියි. 



අදහස් (0)

සූර්ය බලශක්තිය ව්‍යාපෘතියකට Trinasolar සහ Solaris Energy අත්වැල් බැඳ ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site