IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මේ දවස්වල බිස්නස් හොඳටම අඩුවෙලා - වත්තල CANDY LAND වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික අබ්දුල් මුත්තලීෆ් මොහොමඩ්

මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට වත්තල වෙළෙඳ නගරයට ගිය ගමනේ දී ආනයනික චොකලට් ‍වෙළෙඳාමේ නියුතු CANDY LAND  වෙළෙඳ ආයතනයට ගොඩවැදුනු අවස්ථාවේ එම වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික අබ්දුල් මුත්තලීෆ් මොහොමඩ් රිෂාන් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

Q මේ දවස්වල බිස්නස් කොහොමද?

ආනයනික චොකලට් වර්ග තමයි අපි බිස්නස් කරන්නේ. මේ දවස්වල බිස්නස් හොඳටම අඩුවෙලා තියෙන්නේ. පසුගිය වසරවල සාමාන්‍ය මට්ටමක බිස්නස් එකක් පැවතුණත් මේ පාර බිස්නස් හොඳටම පහත වැටිලා තියෙන්නේ.

Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

චොකලට් වෙළෙඳාම කියන්නේ සීසන් එකත් එක්ක බිස්නස් එකක් ගොඩනැගෙන ව්‍යාපාරයක්. සාමාන්‍යයෙන් නත්තල් සමය සහ වැලන්ටයින් කාල සීමා තමයි චොකලට් වෙළෙඳාම සඳහා බිස්නස් එකක් තියෙන කාල සීමාව. එහෙත් අද වෙද්දී පාරිභෝගිකයාගේ අතේ මුදල් නොමැතිවීම කියන කාරණය එක්ක බිස්නස්වල අඩුවීමක් වෙලා තියෙනවා. 

කලින්ට වඩා පාරිභෝගිකයාට දෛනික අවශ්‍යතා සඳහා විශාල මුදලක් දරන්න සිදුවෙනවා. එහෙම වුණාම ඔවුන් අවශ්‍යම දෙයක් සඳහා මුදල් යොඳනවා මිස චොකලට් වගේ දෙයක් මිලදී ගන්න පැමිණීමේ සම්භාවිතාව අඩුයි. පොඩි මිනිහා අතේ මුදල් තිබුණොත් තමයි ලොකු මිනිස්සු අතට සල්ලි ලැබෙන්නේ. අද ඒ දාමය කඩා වැටීම බිස්නස් කඩා වැටීමට බලපාලා තියෙනවා. 

ඒ වගේම අද වෙද්දී පාරිභෝගිකයකුට වෙළෙඳසලකට ඇවිත් චොකලට් වර්ග, තෑගි වර්ග මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය හරහා මාර්ගගත ව්‍යාපාර කරන පිරිස්වලින් භාණ්ඩ මිලදී ගන්න යොමුවන පාරිභෝගික ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නේ. පාරිභෝගිකයාට චොකලට් වර්ග, ඒ ආශ්‍රයෙන් ගොඩනගන තෑගි (Chocolate Gift Box) අතේ ඇති මුදලට මිලදී ගන්න පුළුවන් වන ආකාරයට නිර්මාණය කර තිබීම නිසා එවැනි තැන්වලින් භාණ්ඩ මිලදී ගන්න පුරුදුවෙලා ඉන්නේ. පාරිභෝගිකයෝ විදිහට භාණ්ඩයේ ගුණාත්මක බවට වඩා මුදල සලකා බලන නිසා එවැනි තැන්වලට පාරිභෝගිකයෝ ඇදී යාම අපේ බිස්නස් කඩාවැටෙන්න හේතුවක්. මේ වසරේ අවසානයේ හෝ නැවත බිස්නස් එකක් ගොඩනැගෙවි කියලා හිතනවා.

මනීෂා වීරසිංහ


ඡායාරූප: 
ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

මේ දවස්වල බිස්නස් හොඳටම අඩුවෙලා - වත්තල CANDY LAND වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික අබ්දුල් මුත්තලීෆ් මොහොමඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site