IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට 2025 අන්තර් රක්ෂණ සමාගම් දැනුම මිනුම තරගාවලියේ ශූරතාව

මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය විසින් සංවිධානය කරන ලද 2025 වසරේ අන්තර් රක්ෂණ සමාගම්/තැරැව් සමාගම් දැනුම මිනුම තරගාවලියේ ජයග්‍රාහකයන් වශයෙන් ශූරතාව දිනාගනු ලැබීය. මෙම තරගාවලිය රක්ෂණ ක්ෂේත්‍රයේ ආයතන 24 ක කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පසුගිය ජූනි 6 වැනි දින කොළඹ මරීනෝ බීච් හෝටලයේදී පැවත්විණි. 

අන්තර් රක්ෂණ සමාගම්/තැරැව් සමාගම් දැනුම මිනුම තරගාවලිය ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය විසින් වාර්ෂිකව පවත්වන වැඩසටහනක් වන අතර රක්ෂණ ක්ෂේත්‍රය, විද්‍යාව, ඉතිහාසය, භූ විද්‍යාව, සාහිත්‍ය සහ කලා, බුද්ධිමය හැකියාව, කාලීන පුවත් සහ ක්‍රීඩා වැනි විෂයන් ගණනාවක දැනුම උරගා බලන ආකර්ෂණීය සහ අභියෝගාත්මක තරගාවලියකි. HNB ඉන්ෂුවරන්ස් සමාගම විසින් මෙම ශූරතාව දිනාගනු ලැබූවේ පළමු වරට වන අතර, එය සුවිශේෂී වන්නේ දිවයින පුරා රක්ෂණ ආයතන 24 ක් නියෝජනය කළ කණ්ඩායම් අභිබවා ජයග්‍රහණය ලැබීම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් පවත්වා ගෙන යන දැනුම සහ වෘත්තීය විශිෂ්ටත්වය කේන්ද්‍ර කරගත් ආයතනික සංස්කෘතියේ සාර්ථකත්වය පෙන්වා දෙන්නකි වන බැවිනි.

දැනුම මිනුම තරඟාවලිය සඳහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම නියෝජනය කළ කණ්ඩායමට අනුෂික වික්‍රමසිංහ, ඉන්දික වීරකෝන්, සුධාරක ජයවික්‍රම, ජනාර්ත්ථානන් තවරාජ්, මලින්ද සමරවීර සහ ප්‍රදීප් කසුන් යන සාමාජික සාමාජිකාවන් අයත් විය. එම සියලුම දෙනා විෂය දැනුම, තර්ක බුද්ධිය සහ කණ්ඩායම් හැඟීමෙන් වැඩකිරීමට ඇති හැකියාව අතින් විශිෂ්ටයන් වීම තරගාවලිය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට හේතුසාධක විය. 
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසීය, “මේ ජයග්‍රහණය පිළිබඳව මම HNBGI කණ්ඩායමට උණුසුම් සුබපැතුම් එක් කරනවා. ආයතනයක් වශයෙන් අපි නිරන්තරයෙන්ම දැනුම, විශිෂ්ටත්වය සහ දියුණුව ඉලක්ක කරගත් ආයතනික සංස්කෘතියක් පවත්වා ගැනීමට උත්සාහ කරනවා. ඒ නිසා මේ ජයග්‍රහණය අපිට ඉතා වැදගත්. HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් කණ්ඩායමට දැනුම මිනුම තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා ඉවහල් වුණු දැනුම, වෘත්තීයමයභාවය සහ හැකියාව, රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වශයෙන් අපේ ගනුදෙනුකරුවන්ට අපි සපයන සේවාවේ විශිෂ්ටත්වයේත් පදනම වන බව මෙහිදී පැවසිය යුතුයි”. 

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් ආයතනයේ සියලුම අංශ ආවරණය කරමින් දැනුම සහ හැකියාව ප්‍රවර්ධනය කරන ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාමට දරන උත්සාහයේ සාර්ථකත්වය මෙම ජයග්‍රහණයෙන් තහවුරු කෙරෙන අතර, ඒ වෙනුවෙන් ඉදිරියටත් කැපවීමට සමාගම අපේක්ෂා කරයි. 

අන්තර් රක්ෂණ සමාගම්/තැරැවි දැනුම මිනුම තරගාවලිය සංවිධානය කරන ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය නියෝජනය කරන වෘත්තීයමය ආයතනය වන අතර ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් මේ ආකාරයේ ආකර්ෂණීය වැඩසටහන් මෙන්ම අධ්‍යාපන වැඩසටහන්, වැඩමුළු සහ සම්මන්ත්‍රණ වැනි තවත් විවිධ ආකාරයේ වැඩසටහන් අඛණ්ඩවම සංවිධානය කරනු ලබයි. 



අදහස් (0)

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට 2025 අන්තර් රක්ෂණ සමාගම් දැනුම මිනුම තරගාවලියේ ශූරතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site