IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සණස ජෙනරල්- ලයිෆ් රක්ෂණ සමාගම් වලින් ඉසිපතන Green Walk පාගමනට නිල රක්ෂණ අනුග්‍රහය


සණස ජෙනරල් සහ සණස ලයිෆ් රක්ෂණ සමාගම් කොළඹ ඉසිපතන විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන Green Walk 2025 නිල රක්ෂණ සහකරුවන් බවට පත් විය. Green Walk 2025 සඳහා සිසුන්, මවුපියන්, ආදි සිසුන් සහ අනෙකුත් ආරාධිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ, සෑම විටම අධ්‍යාපනය, තරුණ ප්‍රජාව බල ගැන්වීම සහ ප්‍රජා සත්කාරය ප්‍රමුඛ කර සලකන සණස රක්ෂණ සමාගම් Green Walk 2025 සඳහා නිල රක්ෂණ අන්‍රග්‍රහය දැක්වීමෙන් අනාගත පරපුර පෝෂණය කිරීමට ඔවුන් සතු කැපවීම පිළිබිඹු වේ. 

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් පෞද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා දැරිය හැකි ගාස්තු යටතේ සැලසුම් කළ රක්ෂණ විසඳුම් පිරිනමන සමාගමක් ලෙස ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. රට පුරා සියලු ප්‍රදේශ ආවරණය වන ආකාරයේ ශාඛා ජාලයකට සහ පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගත් කාර්ය මණ්ඩලයකට හිමිකම් කියන එම සමාගම පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් සේවා ලැබීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. රට පුරා සියලු ප්‍රජාව සමග සමීප සහ ශක්තිමත් සම්බන්ධතා ඇති කර ගෙන ඇති සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සේවා විශිෂ්ටත්වය සහ නව්‍යකරණය උදෙසා පිරිනමන දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා තිබේ. සණස සමූහයට අයත් ජීවිත රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලාංකිකයන්ගේ දීර්ඝකාලීන මූල්‍ය යහපත තහවුරු කිරීමට සුවිශේෂ දායකත්වයක් දක්වයි. එම සමාගම ජීවිතයේ අස්ථිර බවට වඩාත් විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට පාරිභෝගිකයන්ට ඉඩ සලසන රක්ෂණ විසඳුම් රැසක් හඳුන්වා දී ඇත. පාරිභෝගිකයන්ට, විශේෂයෙන්ම ග්‍රාමීය සහ සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අර්ථවත් රැකවරණයක් සැලසීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි.

 



අදහස් (0)

සණස ජෙනරල්- ලයිෆ් රක්ෂණ සමාගම් වලින් ඉසිපතන Green Walk පාගමනට නිල රක්ෂණ අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site