
මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ජාතික සන්නාමය වනAmerican Plastics පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් (රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශය) දිනා ගත්තේය.
2022දී ඇරැඹුණු American Plastics සමාගම උසස් ප්‍රමිතිවලට අනුගත වෙමින් පුළුල් පරාසයක විහිදුණු ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිපදවයි. ප්ලාස්ටික් බඳුන්, නාන කාමර සඳහා අවශ්‍ය බඳුන්, කසළ බඳුන්, රාක්ක, පිඟන්, මුළුතැන්ගෙයි උපකරණ සහ ළමයින් සඳහා අවශ්‍ය BPA අන්තර්ගත නොවන උපකරණ ඇතුළු එදිනෙදා නිවසේ භාවිතයට අවශ්‍ය දෑ ඒ අතර වේ. ඔවුන් නිපදවන නවතම ප්ලාස්ටික් ගෘහ උපකරණවලට වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් ඇත.
ගුණාත්මකභාවයට මුල් තැන දෙන American Plastics සමාගම උසස් ප්‍රමිතියෙන් යුතු කල් පවත්නා අමුද්‍රව්‍ය භාවිත කරන අතර සෑම භාණ්ඩයක්ම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දැඩි තත්ව පරීක්ෂාවලට ලක් කරයි. නිෂ්පාදන ක්‍රියාවලියට සියයට 100ක් Virgin Food Grade අමුද්‍රව්‍ය යොදා ගනී. හෝමාගම සහ පානළුව පිහිටි එම සමාගමට අයත් කර්මාන්තශාලා Injection, Blow සහ Parison තාක්ෂණයෙන් යුතු නවීන යන්ත්‍රෝපකරණවලින් සමන්විත වේ. එම කර්මාන්තශාලා FSSC 22000, ISO 14001, HACCP සහ GMP යන තත්ව සහතික ලබා ඇත. රට පුරා පිහිටි පාසල් සහ සංවිධාන රැසක් සමඟ අත්වැල් බැඳගෙන ඇති American Plastics සමාගම පාසල් උත්සව සහ විවිධ ප්‍රජා ව්‍යාපෘති සඳහා අනුග්‍රහය දක්වයි. කොළඹ, කුරුණෑගල සහ තවත් නගර රැසක විහිදුණු ශාඛා ජාලයක් සහිත එම සමාගම ඉදිරියේදී ශාඛා ජාලය තව දුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇත. පාරිභෝගිකයන්ගේ දෛනික අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු නිෂ්පාදන සරල සහ ප්‍රායෝගික ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීම සමාගමේ දැක්ම වේ. 2024දී පැවැත්වුණු 49 වැනි තත්ව පාලන කව සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමටදAmerican Plastics සමාගමට අවස්ථාව ලැබිණි. එම සමාගම Pinnacle 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගෘහ ප්ලාස්ටික් භාණ්ඩ නිපදවන සහ බෙදා හරින සමාගම ලෙසද සම්මාන ලැබුවේය.
2025 දෙසැම්බර් මස 18
560
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
American Plastics ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි