IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොල්, කෝපි, අඹ වගාවල වටිනාකම් දාම ශක්තිමත් කිරීමට SDB බැංකුව සහ ඕස්ට්‍රේලියාවේ MDF ආයතනය හවුල්කාරිත්වයක

ව්‍යවසායකත්වය ශක්තිමත් කරමින් ජාතික සංවර්ධනයට දායකත්වය ලබාදීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන SDB බැංකුව එහි වටිනාකම් දාම මූල්‍යකරණය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ඕස්ට්‍රේලියානු රජයේ අරමුදලින් ක්‍රියාත්මක වන MDF ආයතනය (Market Development Facility) සමග අවබෝධතා ගිවිසුමකට එළඹියේය. 

මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය හරහා පොල්, කෝපි හා අඹ යන වගාවල වටිනාකම් දාම වර්ධනය කරමින් සුවිශේෂී අරමුදල් සපයා ගැනීම හා සංවර්ධන හිඩැස් සපුරා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරෙයි. SDB බැංකුව වෙනුවෙන් එහි විධායක අධ්‍යක්‍ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතාත් MDF ආයතනය වෙනුවෙන් එහි ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ මේරියම් පිරාචා මහත්මියත් මෙම ගිවිසුමට අත්සන් කළහ.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා දායක වීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන බැංකුවක් වශයෙන් අපි ඒක අපේ වගකීමක් විදියට වගේම රටේ ආර්ථික සංවර්ධනයට දායක වීමට ඇති අවස්ථාවක් විදියටත් සලකනවා. කෘෂිකර්මාන්තය කියන්නේ දේශීය ආර්ථිකයේ වැදගත්ම අංශයක්. ඒ නිසාම අපේ වටිනාකම් දාම අරමුදල් වැඩසටහන ප්‍රාග්ධනය පිළිබඳව පමණක් සැලකිලිමත් වෙලා නෑ. මේ වගේ උපායමාර්ගික හවුල්කාරිත්වය හරහා සමස්ත පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම ගැනත් අපි සැලකිලිමත් වෙනවා. MDF ආයතනය සමග අපි මේ ගොඩනංවා ගත්ත සහයෝගීතාව බිම් මට්ටමෙන් ඉහළ ඵලදායිත්වයක් අත්කර ගනීවි වගේම ජාතික ආර්ථිකයට ධනාත්මක දායකත්වයකුත් ලබා දේවි කියලා අපි විශ්වාස කරනවා, යැයි මෙම සහයෝගීතාව පිළිබඳ අදහස් දක්වමින් SDB බැංකුවේ විධායක අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.

මෙම  සහයෝගීතාව යටතේ පාර්ශ්වකරුවන්ට සම ආයෝජන අවස්ථා සැපයීම, නිෂ්පාදන සහ අගය එකතු කිරීම් වැඩිදියුණු කිරීම සඳහා වන තාක්‍ෂණික උපදේශන සේවා පුළුල් කිරීම, නැගී එන ව්‍යාපාරිකයන්ට වෙළෙඳපොළ ප්‍රවේශයට හා නිෂ්පාදන පුහුණුවට පහසුකම් සැපයීම සහ නිෂ්පාදකයන් පුළුල් වාණිජ ජාල වෙත සම්බන්ධ කරමින් වෙළෙඳපොළ බුද්ධිය තියුණු කිරීම කෙරෙහි SDB බැංකුව සහ MDF ආයතනය විශේෂ අවධානයකින් කටයුතු කරනු ඇත. මෙම පුළුල් ප්‍රවේශය කුඩා වතුහිමියන්, සැකසුම්කරුවන් හා කෘෂි ව්‍යවසායකයන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන අතර වෙළෙඳපොළට ඔරොත්තු දීමට ඔවුන් තුළ වන ශක්‍යතාව මෙන්ම වෙළෙඳපොළ තරගකාරිත්වය ද සංවර්ධනය වනු ඇත. 

“ගෝලීය වෙළෙඳපොළේ කෝපි, අඹ සහ පොල් සම්බන්ධයෙන් ඉල්ලුම ඉහළ යාමත් සමග ශ්‍රී ලංකාවට ලොකු අවස්ථාවක් උදා වෙලා තියෙනවා ඒ වගා සංවර්ධනය කරන්න. උපායමාර්ගික ආයෝජන සහ ශක්තිමත් දේශීය හවුල්කාරිත්ව ඔස්සේ මෙම කාර්මාන්තවල අපනයන ධාරිතාව ඉහළ නංවාගෙන ව්‍යාපාර සහ ප්‍රජාව වෙනුවෙන් සැබෑ සහ දිගුකාලීන ප්‍රතිලාභ අත්කර දෙන්නත් පුළුවන් වෙනවා. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වඩාත් දියුණු තලයකට ගෙන ඒමට අප තුළ වන දැක්ම සහ කැපවීම SDB බැංකුව සමග ඇති කරගත් මෙම හවුල්කාරිත්වයත් සමග තවත් ශක්තිමත් වේවි කියලා අපි විශ්වාස කරනවා, යැයි MDF ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ මේරියම් පිරාචා මහත්මිය මෙම සහයෝගීතාව ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කළාය. 

වටිනාකම් දාමය යනු නිෂ්පාදනයක සම්පූර්ණ ක්‍රියාවලිය වන අතර එය වගා කිරීම, අස්වනු නෙළීම, සැකසීම, අලෙවිකරණය හා බෙදාහැරීම දක්වා පුළුල් පරාසයක විහිදෙයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ බොහෝ ක්‍රියාකාරීන් මෙම දාමය හරහා ප්‍රාග්ධනය, විශේෂඥතාව හා වෙළෙඳපොළ ප්‍රවේශ වෙත නිවැරදිව දායක වී නොමැත. SDB බැංකුව සිය වටිනාකම් දාම අරමුදල් සැපයීමට මුලපිරීම හරහා එම හිඩැස් පුරවාලමින්, ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවා තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට උත්සාහ කරයි. 

පොල්, කෝපි හා අඹ වගාවල ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග දැනටමත් ශක්තිමත් සබඳතා ගොඩනංවාගෙන ඇති MDF ආයතනය මෙම ගිවිසුම හරහා පළමු වරට දේශීය බැංකුවක් සමග හවුල්කාරිත්වයක් ගොඩනංවාගෙන ඇත. එය වෙළෙඳපොළ සංවර්ධන ප්‍රයත්න සහ මූල්‍ය විසඳුම් ඒකාබද්ධ කිරීමේ සුවිශේෂී පියවරක් ද වනු ඇත. 

SDB බැංකුව සියලුම රාජ්‍ය ආයතනවලින්, සංවර්ධන හවුල්කරුවන්ගෙන් සහ පෞද්ගලික පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම වැඩසටහන හා සම්බන්ධ වෙමින් මෙරටට වඩාත් සුදුසු කෘෂි ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා දායකත්වය ලබා දෙන ලෙසයි.



අදහස් (0)

පොල්, කෝපි, අඹ වගාවල වටිනාකම් දාම ශක්තිමත් කිරීමට SDB බැංකුව සහ ඕස්ට්‍රේලියාවේ MDF ආයතනය හවුල්කාරිත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site