IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


කාන්තා මූලික පවුල් ඒකක සවිබල ගැන්වීමට NDB බැංකුව-වර්ල්ඩ් විෂන් සහයෝගීතාවක්

කාන්තාවන් මූලික කරගත් පවුල් නඟා සිටුවීම අරමුණු කරගත් මුලපිරීමක් වෙනුවෙන් NDB බැංකුව වර්ඩ්ල් විෂන් (World Vision) ආයතනය සමඟ සහයෝගීතාවක් ගොඩනඟා ගෙන ඇත. මෙහිදී ප‍්‍රජාවේ ඔරොත්තුදීමේ හැකියාව සහ සියලූ දෙනා ඇතුළත් සංවර්ධන ක්‍රියාකාරකම් ප‍්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් ලෙස කෘෂිකාර්මික විසඳුම් සහ මූල්‍ය සවිබල ගැන්වීමෙන් එම කාන්තාවන් නගාසිටුවීම අරමුණු කරගෙන ඇත.
කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ කාන්තාවන් මූලික කරගත් පවුල් 10 කට උපකාර කිරීම සඳහා NDB බැංකුව සහ වර්ල්ඩ් විෂන් ආයතනය අවබෝධතා ගිවිසුමක් මගින් නිල වශයෙන් එකඟතාවකට පැමිණ ඇත. මෙම පවුල් සිය ජීවනෝපාය සරිකර ගැනීම සඳහා අරගලයක නිරතවන අතර බැංකු හෝ ණය පහසුකම් ලබාගැනීම සඳහා ප‍්‍රවේශ වීමේ දැඩි අපහසුතාවලට මුහුණ පායි. දැඩි වියලි කාලගුණ තත්වය තුළ වුවද ගෙවතු වගා කිරීම, සත්ව පාලනය සහ ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණ දැනුම ඉහළ නැංවීම සඳහා මෙම ව්‍යාපෘතිය හරහා ඔවුන්ට සහය වනු ඇත. මෙය පවුල් ස්ථාවර ආදායමක් උපයා ගැනීම, සෞඛ්‍ය සම්පන්න ආහාර සැපයුමක් සහතික කිරීම සහ දිගු කාලීනව මූල්‍යමය වශයෙන් ස්වාධීන කරවීම මෙමඟින් අරමුණු කෙරේ.
මෙම වැඩසටහන යටතේ, වර්ල්ඩ් විෂන් ආයතනය මගින්, කෘෂි බීජ, පැල, පශු සම්පත් සහ මෙවලම් ඇතුළු කෘෂිකාර්මික තාක්ෂණික සහය සහ යෙදවුම් සහය ලබා දීමට පහසුකම් සපයන අතරම ගෘහස්ථ වගාව සහ සත්ත්ව පාලනය පිළිබඳ ප‍්‍රායෝගික දැනුමෙන් සහභාගිවන්නන් දැනුවත් කිරීම සඳහා පුහුණුවක් ලබා දීම සිදු කරනු ලබයි. මූල්‍ය සාක්ෂරතා සැසි පැවැත්වීම, ගිණුම් විවෘත කිරීම පහසු කිරීම සහ සහභාගී වන පවුල් සඳහා දිගුකාලීන මූල්‍ය කළමනාකරණයට සහය වීමෙන් NDB බැංකුව මූල්‍ය ප‍්‍රවේශය සක්‍රිය කිරීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ආයතනික තිරසාර කමිටුවේ ප‍්‍රධානී ලසන්ත දසනායක මහතා පවසා මෙසේ සිටියේය. “NDB බැංකුවේ අප විශ්වාස කරනුයේ ඔරොත්තු දෙන ජාතියක් ගොඩනැගීම ආරම්භ වන්නේ පහළ මට්ටමේ සිට පවුල් සවිබල ගැන්වීමෙන්. වර්ල්ඩ් විෂන් සමඟ මෙම හවුල්කාරිත්වය අපගේ පුළුල් තිරසාර න්‍යායන්ට අනුකූලව, ශ‍්‍රී ලංකාවේ වඩාත්ම අඩු පහසුකම් සහිත ප‍්‍රජාව සඳහා ආහාර සුරක්ෂිතතාව, මූල්‍ය සහය ලබා දීම සහ තම පවුල වෙනුවෙන් ගෞරවනීය ජීවනෝපා මාර්ගයක් ලබා දීමට අවස්ථාව ලබා දීමයි.
වර්ල්ඩ් විෂන් ලංකා හි ජාතික අධ්‍යක්ෂ ආචාර්ය ධනන් සේනාධිරාජා මහතා ද මෙම හවුල්කාරිත්වය පිළිබඳ සිය අදහස් බෙදා ගනිමින් මෙසේ පැවසීය. ‘වර්ල්ඩ් විෂන් හි සියලූම කාර්යයන්හි අරමුණ වන්නේ වඩාත්ම අවදානමට ලක්විය හැකි දරුවන්ගේ තිරසාර යහපැවැත්මයි. ඔවුන්ගේ මවුපියන් සහ භාරකරුවන් ස්ථාවර ජීවනෝපාය සහ මූල්‍ය සාක්ෂරතාවෙන් සවිබල ගැන්විය නොහැකි නම් අපට එම ඉලක්ක සාක්ෂාත් කරගත හැකි නොවේ. NDB වැනි සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි ආයතනයක් සමඟ මෙම හවුල්කාරිත්වය සඳහා එළඹීම පිළිබඳව අපි බෙහෙවින් අගය කරන අතර එමගින් ගෙන ඒමට වෙර දරන පරිවර්තනය පිළිබඳව අපි සතුටු වෙමු’.
මෙම සහයෝගී උත්සාහයෙන්, ප‍්‍රතිලාභීන් තම ගෙවතු සහ පශු සම්පත් ඒකකවලින් තිරසාර ආදායමක් උපයා ගැනීමට අවශ්‍ය මෙවලම් ලබා ගැනීම පමණක් නොව, විධිමත් බැංකු පද්ධතිය සමඟ සම්බන්ධ වීමත්, ඔවුන්ගේ ඉතුරුම් වර්ධනය කර ගැනීමට, අවශ්‍ය විටෙක ණය පහසුකම් ලබා ගැනීමට සහ වැඩි විශ්වාසයකින් අනාගතය සැලසුම් කිරීමට අඩිතාලම දැමීමත් සිදු වේ.
ගෘහස්ථ ඒකකවල ඔරොත්තු දීමේ හැකියාව සහ රටේ ආර්ථිකය මෙහෙයවීම සඳහා කාන්තාවන් අඛණ්ඩව වැඩි කාර්යභාරයක් ඉටු කරන අතර එම සුවිශේෂී කාන්තාවන් වෙනුවෙන් සිය ජීවනෝපාය සරිකර ගැනීමේදී සහ මූල්‍ය තීරණ ගැනීමේදී කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැකසීමේ NDB බැංකුවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි. NDB බැංකුවේ මෙම ප‍්‍රවේශය සමඟ ප‍්‍රායෝගික කුසලතා ඒකාබද්ධ කිරීමෙන්, මෙම ව්‍යාපෘතිය දිගුකාලීන බලගැන්වීම සහ වර්ධනය සඳහා පදනමක් සපයයි.
මෙම මුලපිරීම ක්‍රියාත්මක කිරීමේදී, එහි ප‍්‍රතිඵල නිරීක්ෂණය කිරීමට, පසු විපරම් සහය ලබා දීමට සහ අනෙකුත් කලාප හරහා මෙම ආකෘතිය තව දුරටත් ප‍්‍රසාරණය කිරීමට ඇති අවස්ථා ගවේෂණය කිරීමට NDB බැංකුව සහ වර්ල්ඩ් විෂන් ආයතනය එක්ව කටයුතු කරනු ඇත.



අදහස් (0)

කාන්තා මූලික පවුල් ඒකක සවිබල ගැන්වීමට NDB බැංකුව-වර්ල්ඩ් විෂන් සහයෝගීතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17347 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 706 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site