විමුක්ති එස් රුද්‍රිගු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මැන බැලීම සඳහා සිදු කරන මීළඟ සමාලෝචනය සම්බන්ධයෙන් වන සාකච්ඡා මෙම සතියේදී ආරම්භ කිරීමට නියමිත බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
එහිදී අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරි මාර්ගය පිළිබඳව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා කරනු ඇතැයි ඔහු පැවැසුවේය. එසේම සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාව පිළිබඳ මෙතෙක් තිබෙන දත්ත සමාලෝචනය කරනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පස්වැනි සමාලෝචනය එළැඹෙන ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට නියමිත අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ජූනි මාසය තෙක් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය සාකච්ඡා කෙරෙනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට සම්බන්ධයෙන් සිදුකළ සිවුවැනි සමාලෝචනයට පසුගිය අප්‍රේල් 25 වැනිදා කාර්ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර එයට පසුගිය 1 වැනිදා විධායක කමිටු අනුමැතිය හිමිවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති මාස 48 ක ඇමෙරිකානු ඩොලර් බිලියන 3 විස්තීරණ ණය මුදලෙන් ඩොලර් බිලියන 1.74 ක ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කර අවසන්ය.
2025 දෙසැම්බර් මස 18
560
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මැන බලන මීළඟ සමාලෝචන සාකච්ඡා මේ සතියේ