
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඩිජිටල් වෙන්කිරීම් හා ගෙවීම් වේදිකාවක් වන Freightos හි ‘WebCargo’ සමග එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මෙම හවුල්කාරීත්වයෙන් ලොව පුරා භාණ්ඩ හුවමාරු කාර්යාල 10,000 කට අධික සංඛ්‍යාවකට ශ්‍රීලංකන් කාගෝ වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමට, මිල ගණන් ඉල්ලුම් කිරීමට, වෙන්කිරීම් සහ ගෙවීම් සිදුකිරීමට හැකියාව ලැබේ.
“Freightos හි 'WebCargo' වේදිකාවට එකතු වීමෙන් අපගේ වෙන්කිරීම් ක්‍රියාවලිය ඩිජිටල් කිරීම පමණක් නොව, අලුත් පාරිභෝගිකයන් වෙත අපගේ සේවා විවෘත කිරීමට ඉඩක් ලබා දෙනවා. Freightos සමාගම විසින් ලබා දෙන මිල කළමනාකරණ සහ සැපයුම් පහසුකම් සේවා සමග ඒකාබද්ධ වීම තුළින් පාරිභෝගිකයන් විසින් සිය භාණ්ඩ ප්‍රවාහන සේවා තෝරාගැනීමේ ක්‍රියාවලියේ දී අපගේ සේවා ද දෘෂ්‍ය වීමෙන් පාරිභෝගිකයාගේ තීරණ ගැනීමේ අවස්ථාවේදී අපගේ සේවා තෝරාගැනීමට අවස්ථාව ලැබෙනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසීය.
මෙම හවුල්කාරීත්වයත් සමග WebCargo Pay පහසුකම ඔස්සේ වෙළෙඳපොළ සහභාගීත්වය පුළුල් කිරීම ඔස්සේ IATA නොවන ආසියාවේ භාණ්ඩ හුවමාරුකරුවන්ට (non-IATA forwarders) ගුවන් සමාගමකින් ලබා දෙන ණය හෝ බැංකු ඇපකර නොමැතිව ශ්‍රීලංකන් කාගෝ හි පහසුකම් වෙත ප්‍රවේශ විය හැක. මෙම පහසුකම්, විශේෂයෙන්ම ඉදිරියට එන කුඩා හා මධ්‍යම පරිමාණ භාණ්ඩ හුවමාරුකරුවන් (SMEs) සඳහා වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්‍රීලංකන් කාගෝ -’Freightos’ එකතුවෙන් දකුණු ආසියානු වෙළෙඳපොළට නව ඩිජිටල් පාලමක්