IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Granbell Hotel Colombo නව සාමාන්‍යාධිකාරි ෂෙහාන් සෆ්රාස්

ජපානයේ Belluna Co. Ltd සමාගමේ පූර්ණ අනුබද්ධිත ශ්‍රී ලංකා සමාගම වන Belluna Lanka හිමිකාරිත්වය දරන Granbell Hotel Colombo, සිය සාමාන්‍යාධිකාරී ලෙස ෂෙහාන් සෆ්රාස් මහතා පත් කර ඇති බව නිවේදනය කළේය. පුද්ගලයකුගේ දක්ෂතා හඳුනාගෙන, වර්ධනය වීමට අවශ්‍ය සහයෝගය ලබාදුන් විට ඔවුන්ට බොහෝ දේ අත්කරගත හැකි බව Belluna Lanka මෙමගින් ලොවට පෙන්වා දෙයි.

ෂෙහාන් මහතා Granbell Hotel ආරම්භයේ සිටම එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ අතර, පූර්ව ආරම්භක සහ මෙහෙයුම් කටයුතුවලදී වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. කාමර අංශ කළමනාකරුගේ සිට සාමාන්‍යාධිකාරී දක්වා ක්‍රමයෙන් ප්‍රගතියක් ලබා ඇති ඔහුගේ ගමන්මග, Belluna Lanka හි, සමාගම තුළින්ම නායකයන් බිහි කිරීමේ දිගුකාලීන දර්ශනය පිළිබිඹු කරයි.

මැදපෙරදිග ප්‍රමුඛ පෙළේ හෝටල් රැසක් සමග වැඩ කිරීමෙන් ලද වසර 20 කට වැඩි අත්දැකීම් නිසා ජාත්‍යන්තර ප්‍රමිති සහ ප්‍රවණතා පිළිබඳ මනා අවබෝධයක් මෙන්ම හෝටල් මෙහෙයුම් කටයුතු සුමටව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ මනා දැනුමක් ද ඔහු සතුව ඇත. ඔහුගේ නායකත්වය යටතේ, Granbell Hotel තවදුරටත් ශක්තිමත් වෙමින් 2024 වසරේ ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙලේදී අදාළ කාණ්ඩයේ Best City Hotel ලෙස ගෞරවාදරයට පාත්‍ර විය. මෙම සම්මානය, කණ්ඩායමේ විශිෂ්ටත්වය සහ ගුණාත්මක ආගන්තුක සේවාවක් ලබාදීමට ඔවුන් තුළ වූ කැපවීම පෙන්නුම් කරයි.

Belluna Lankaහි නායකත්ව විලාසය පිළිබඳ අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ රෙහාන් මොරිස් මහතා පැවසුවේ මෙවැන්නකි. “දිගුකාලීන සාර්ථකත්වයේ වැදගත්ම කොටස ජනතාව බව අපි විශ්වාස කරනවා. එයට අපගේ අමුත්තන් සහ අපගේ සේවකයන් යන දෙපිරිසම ඇතුළත්. ෂෙහාන් පත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ අපගේම කණ්ඩායම් සාමාජිකයන්ට සහාය වීමට සහ ඔවුන් ඇතුළතින් වර්ධනය වීමට උපකාර කිරීමට අපි සැබවින්ම කැපවී සිටින බවයි. මිනිසුන්ට දියුණු විය හැකි වැඩ පරිසරයන් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. අප වගකීමෙන් යුතුව සහ අරමුණකින් යුතුව වර්ධනය වන්නේ එලෙසිනි.”‍



අදහස් (0)

Granbell Hotel Colombo නව සාමාන්‍යාධිකාරි ෂෙහාන් සෆ්රාස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site