විමුක්ති එස් රුද්‍රිගු
රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බවත් පසුගිය මැයි මාසයේදී පමණක් රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 486 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2 කට ආසන්න බවත් පසුගිය වසරේ රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 4 ක් බවත් මහ බැංකු දත්ත වාර්තාවල සඳහන් වේ. මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ පළමු මාස 5 තුළ රජයට ලැබුණු බදු ආදායමේ හා ප්‍රදානවල එකතුව රුපියල් බිලියන 1942 ක් වන අතර පසුගිය වසරේ පළමු මාස 5 තුළ රජයේ සමස්ත ආදායම වූ රුපියල් බිලියන 1619 ට සාපේක්ෂව එය සියයට 20ක වර්ධනයකි.

එම දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1802 කි. පසුගිය මැයි මාසයේ රජයේ සමස්ත ආදායම වූ රුපියල් බිලියන 486 මෙම වසරේදී මසක් තුළ රජය ඉපැයූ ඉහළම සමස්ත ආදායම බවත් පසුගිය මැයි මාසයට පෙර මෙම වසරේදී රජය වැඩිම සමස්ත ආදායමක් උපයා තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේ බවත් මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
එසේම මාර්තු මාසයේදී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 306 ක් බවත් අප්‍රේල් මාසයේදී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 387 ක් බවත් මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
2023 වසරේදී රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 3 ක් වූ අතර පසුගිය වසරේදී එය රුපියල් ට්‍රිලියන 4 දක්වා වර්ධනය විය. ලබා ඇති ප්‍රගතිය අඛණ්ඩව පවත්වා ගතහොත් මෙම වසරේදී රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 4 පසු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ සමස්ත වියදම සහ ශුද්ධ ණය දීම් රුපියල් බිලියන 2179 දක්වා වර්ධනය වී ඇති අතර පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව එය රුපියල් බිලියන 193 ක වර්ධනයකි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 9.7 ක ඉහළ යාමකි. පසුගිය වසරේ පළමු මාස 5 තුළ රජයේ සමස්ත වියදම සහ ශුද්ධ ණය දීම් රුපියල් බිලියන 1986 ක් විය. එසේම මෙම වසරේ පළමු මාස 5 තුළ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 236.6 දක්වා පහළ ගොස් ඇති අතර පසුගිය වසරේ පළමු මාස 5 තුළ මෙරට සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 366.8 ක් වූවේය.
2025 ඔක්තෝබර් මස 08
1904
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
533
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රජයේ සමස්ත ආදායමේ අඛණ්ඩ වර්ධනයක්