IMG-LOGO

ඩො .බිලියනයක් උපයන්න ඖෂධ කර්මාන්තයට මාර්ග සිතියමක්

  • ඖෂධ අවශ්‍යතාවෙන් සියයට 75 ක් දේශීයව සපුරාලීමටත් සැලසුම්
  • ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවෙන් සියයට 80 ක් සපුරා ගන්නේ ආනයනයෙන් 
  • දේශීය ඖෂධ වෙළෙඳපොළ ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක්
  • දේශීය ඖෂධ කර්මාන්තය විශ්වාසදායක, උසස් තත්වයේ සහ අපනයනය මත පදනම් වූ අංශයක් බවට පත් කිරීමට ජාතික උපාය මාර්ගයක් අවශ්‍යයි
  • ඉදිරි වසර 5 සිට 10 දක්වා කාලයේදී ඍජු හා වක්‍ර කුසලතා සහිත රැකියා 10,000 ක් නිර්මාණය කිරීමත් ඉලක්කයක්

විමුක්ති එස්. රුද්‍රිගු


ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයේ 
සභාපති නලින් කන්නංගර

මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් සියයට 75 ක් දේශීයව සපුරාලීමටත්, ඇමෙරිකානු ඩොලර් බිලියනයක අපනයන ආදායමක් උපයා දීමටත් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේය.

ආර්ථිකය වර්ධනය කිරීම සඳහා උපාය මාර්ගික වැදගත්කමක් තිබෙන කර්මාන්තයක් ලෙස ඖෂධ නිෂ්පාදන කර්මාන්තය ඉදිරියට ගෙන ඒම සඳහා එකතු වන ලෙස සියලු‍ම පාර්ශ්වකරුවන්ට ආරාධනා කරන බවද ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය පැවැසුවේය. එමගින් ඖෂධ අවශ්‍යතා සඳහා විදේශ විනිමය පිටතට ගලා යාම අඩුකළ හැකි බවත් මෙරට ඖෂධ අවශ්‍යතා දේශීයව සපුරාලිය හැකි බවත් එම සංගමය ප්‍රකාශ කළේය.

‘ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා ජාතික කැඳවීමක්’ යන තේමාව යටතේ ඖෂධ කර්මාන්තය සඳහා වන මාර්ග සිතියම පසුගියදා කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී එළි දක්වමින් ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය මෙම අදහස් පළ කළේය.

ඖෂධ කර්මාන්තයේදී යොදා ගන්නා ජාත්‍යන්තර උපාය මාර්ග ආදර්ශයට ගනිමින් දේශීය ඖෂධ කර්මාන්තය විශ්වාසදායක, උසස් තත්වයේ සහ අපනයනය මත පදනම් වූ අංශයක් බවට පරිවර්තනය කිරීම සඳහා ජාතික උපාය මාර්ගයක් අවශ්‍ය වූ බවද ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය පැවැසුවේය.

මෙම ජාතික උපාය මාර්ගයේ අනෙක් ප්‍රධාන ඉලක්කය වන්නේ ඉදිරි වසර 5 සිට 10 දක්වා කාලයේදී ඖෂධවේදීන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ නිෂ්පාදන වෘත්තිකයන් සඳහා ඍජු හා වක්‍ර කුසලතා සහිත රැකියා 10,000 ක් නිර්මාණය කිරීම බවද ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කළේය. එහිදී අදහස් දක්වමින් ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නලින් කන්නංගර මහතා ප්‍රකාශ කර සිටියේ ආර්ථික අර්බුදයත් සමග ඖෂධ නිෂ්පාදකයන්ට ඉතාමත් අසීරු කාලයක් එළැඹුණු බවත් එම කාලයට ඖෂධ නිෂ්පාදකයන් මුහුණදුන් ආකාරය ප්‍රශංසනීය බවත්ය. 

නිවැරදි ප්‍රතිපත්ති අඛණ්ඩතාව සහ නියාමන සහාය මගින් දීර්ඝ කාලීනව ජාතියට ඖෂධ සුරක්ෂිතතාව සහතික කරන මෙන්ම ආර්ථිකය වර්ධනය කිරීමේ උපාය මාර්ගික වැදගත්කමක් ඇති කර්මාන්තයක් බවට පත්වීමට ඖෂධ නිෂ්පාදන කර්මාන්තයට හැකියාව පවතින බව කන්නංගර මහතා ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති දිනේෂ් අතපත්තු මහතා ප්‍රකාශ කර සිටියේ සියලු‍ම පාර්ශ්වකරුවන් නිවැරදි හේතු මත එකට එකතු වුවහොත්, ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම යථාර්ථයක් බවට පත් කළ හැකි බවයි. ශ්‍රී ලංකාවට තවමත් මෙම ජාතික මෙහෙවරට නැගී සිටිය හැකි බවත් ඒ සඳහා තවමත් ප්‍රමාද නොමැති බව තමන් තරයේ විශ්වාස කරන බවත් ඔහු පැවැසුවේය.

අපනයන වෙළෙඳපොළ පුළුල් කරමින් සහ දේශීය කුසලතා රඳවා ගනිමින් උසස් තත්වයේ, දැරිය හැකි සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රතිඥාව එහිදී අතපත්තු මහතා අවධාරණය කළේය. ඖෂධ කර්මාන්තය වගවීම සඳහා බැඳී සිටීමේ අවශ්‍යතාව පිළිබඳව ද එහිදී ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය 1963 වසරේ පිහිටුවන ලද අතර වර්තමානය වනවිට සමාගම් 25 ක් එහි සාමාජිකත්වය ලබාගෙන ඇත. ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය දේශීය අවශ්‍යතාවෙන් සියයට 20 ක ප්‍රතිශතයකට හිමිකම් කියන අතර තවත් ඖෂධ අවශ්‍යතාවෙන් සියයට 80 ක් ශ්‍රී ලංකාව ආනයනය කරනු ලබයි.

රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය ඖෂධවලින් සියයට 30 ක් ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය සපයනු ලබන නමුත් එම සංගමය පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය ඖෂධවලින් සපයනු ලබන්නේ සියයට 5 ක ප්‍රතිශතයක් පමණි.

03 වැනි පිටුවට...



අදහස් (0)

ඩො .බිලියනයක් උපයන්න ඖෂධ කර්මාන්තයට මාර්ග සිතියමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 135 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 347 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site