IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඇමෙරිකා-ඉන්දියා අන්තර්කාලීන වෙළෙඳ ගිවිසුම අවසන් කිරීමට ඉන්දීය නියෝජිත පිරිසක් වොෂිංටනයට


විමුක්ති එස්. රුද්‍රිගු


ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බද්ද එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර ඊට පෙර ඇමෙරිකාව සහ ඉන්දියාව අතර එළැඹීමට නියමිත අන්තර් කාලීන වෙළෙඳ ගිවිසුම අවසන් කිරීම සඳහා ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් පෙරේදා (14) වොෂිංටන් නුවරට පැමිණියේය.

අන්තර්කාලීන වෙළෙඳ ගිවිසුම, ඇමෙරිකාව සහ ඉන්දියාව අතර එළැඹීමට නියමිත ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයට කාලය ලබාදෙනු ඇත. ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමට බොහෝ දුරට මෙම වසර අවසානයේ අත්සන් තැබීමට නියමිතය.
වෙළෙඳ ගිවිසුම මගින් දෙරට අතර වෙළෙඳ සබඳතාව ඇමෙරිකානු ඩොලර් බිලියන 500 දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

මේ අතර ශ්‍රී ලංකාවද ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට නියෝජිත කණ්ඩායමක් වොෂිංටන් නුවර බලා යැවීමට තීරණය කර ඇත.

දින 90 ක සහන කාලය අවසානයේදී ශ්‍රී ලංකාවට සියයට 30 ක තීරු බද්ද ප්‍රකාශයට පත්කළ අවස්ථාවේදී ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් රජය මුල් අවස්ථාවේදී සතුටු වුවත් ඉන්දියාව සහ වියට්නාමයට පැනවී ඇති මෙන්ම පැනවීමට නියමිත තීරුබදු සමග සංසන්දනය කිරීමේදී ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ මෙරට නිෂ්පාදනවලට තරගකාරීත්වය පවත්වාගෙන යාමට නම් තීරු බද්ද සියයට 20 දක්වා අඩු කරගත යුතු බවට රජයේ ස්ථාවරය වී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.



අදහස් (0)

ඇමෙරිකා-ඉන්දියා අන්තර්කාලීන වෙළෙඳ ගිවිසුම අවසන් කිරීමට ඉන්දීය නියෝජිත පිරිසක් වොෂිංටනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site