IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


FitsAir ගුවන් සමාගමෙන් ඩකා වෙත නව දෛනික ගුවන් සේවා

නවතම ගුවන් ගමන් කාල සටහනෙන් ගුවන් මගීන්ට සුව පහසු සහ නම්‍යශීලී පියාසර අත්දැකීමක් භුක්ති විඳීමට අවස්ථාව


ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ගුවන් ගමන් සඳහා ශීඝ්‍රයෙන් වැඩිවන ඉල්ලුම සහ වෙළෙඳ සංචාරක සබඳතාවල වර්ධනය සැලකිල්ලට ගනිමින්, 2025 අගෝස්තු 18 වැනි දින සිට කොළඹ - ඩකා ගුවන් ගමන් සේවාව දිනපතා ක්‍රියාත්මක කරන බව FitsAir ගුවන් සමාගම නිවේදනය කරයි.

මෙම උපායමාර්ගික ව්‍යාප්තිය ඔස්සේ ගුවන් මගීන් වැඩි පිරිසකට, සුවපහසු සහ දැරිය හැකි මිලකට සිය ගුවන් ගමන් සේවාව අත්විඳීමට අවස්ථාව සැලසෙනු ඇත. බංගලාදේශය දකුණු ආසියාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම නිසා කොළඹ සහ ඩකා අතර ව්‍යාපාරික හා විවේකී සංචාර අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට FitsAir ගුවන් සමාගම සැලසුම් කර ඇත. 

ඩකා වෙත දිනපතා පියාසර කිරීම ආරම්භ කිරීම හරහා කලාපීය ජාලය තුළ ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් වෙ‍ත ගමන් කරන ගුවන් මගීන්ට වැඩි සුවපහසුවක් සහ ගුණාත්මක සේවාවක් ලබා දීමට හැකියාව ලැබෙන බව FitsAir ගුවන් සමාගමේ විධායක අධ්‍යක්ෂ Ammar Kassim මහතා පැවසීය. ‘ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA)  මෑතකාලීන දත්ත වාර්තාවලට අනුව, 2025 මාර්තු මාසයේ දී පමණක් බංග්ලාදේශ සංචාරකයන් 4,700 කට වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 260 ක වර්ධනයකි. ඒ අනුව මෙම කලාපය තුළ ඉහළ යමින් පවතින ගුවන් ගමන් ඉල්ලුම පෙන්නුම් කරන අතරම, දැරිය හැකි මිලකට අඛණ්ඩ ගුවන් සේවාවක් සැපයීමෙන් එම අවශ්‍යතාව සපුරාලීමට හැකි වීම සම්බන්ධයෙන් අපි ආඩම්බරයට පත් වන්නෙමු’’ යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව දකුණු ආසියාව සමග අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරය සහ වෙළඳාම සක්‍රීයව ප්‍රවර්ධනය කරමින් සිටින මොහොතක FitsAir  ගුවන් සමාගමේ මෙම ව්‍යාප්තිය කැපී පෙනෙන කරුණකි. ඩකා නුවර යනු වෛද්‍ය සංචාරක ව්‍යාපාරය, උසස් අධ්‍යාපනය, සාප්පු සවාරි ආශ්‍රිත සංචාර සඳහා වැදගත් වෙළෙඳපොළක් බැවින් එම කලාපය වෙත වැඩි වශයෙන් ගුවන් ගමන් සංචාර ඇරඹීම ඔස්සේ දෙරටේම ආර්ථික හා සංචාරක ව්‍යාපාර සඳහා ශක්තිමත් අඩිතාලමක් වනු ඇත.

මෙම උපායමාර්ගික පියවර හරහා දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන ගුවන් සේවයක් බවට පත්වීමේ FitsAir  හි දිගුකාලීන දැක්ම පිළිබිඹු කෙරෙන අතර, වර්ධනය වන පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට සහ දේශ සීමා සංචාර පුළුල් කිරීමට ද අවස්ථාව සැලසේ. මාලේ, ඩුබායි, ඩකා සහ ක්වාලාලම්පූර් වැනි ගමනාන්ත වෙත මගී සේවා සහ සියලුම මාර්ගවල ව්‍යාපාරික පන්ති සේවාව ද හඳුන්වා දීමත් සමගින්, නිවාඩු ගත කරන්නන් සහ ව්‍යාපාරික සංචාරකයන් යන දෙපිරිසටම වඩාත් සැප පහසු පියාසර අත්දැකීමක් ලබා දීමට FitsAir  ගුවන් සමාගම අවධානය යොමු කර තිබේ.



අදහස් (0)

FitsAir ගුවන් සමාගමෙන් ඩකා වෙත නව දෛනික ගුවන් සේවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site