විමුක්ති එස්. රුද්‍රිගු
මෙම මස පළමු දින 13 තුළදී මෙරටට සංචාරකයන් 79,771 ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,247,815 සීමාව පසුකර ඇත. පළමු දින 13 තුළදී මෙරටට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඉන්දියාවෙන් සංචාරකයන් 16,329 ක් මෙරටට පැමිණ තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 20.5 කි.
දෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර තෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන්ය. මෙම වසර තුළදීද මෙරටට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර මෙම වසර තුළදී ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 258,323 ක් මෙරටට පැමිණ ඇත.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජූලි මුල් දින 13ට සංචාරකයෝ අසූ දහසක්