විමුක්ති එස්. රුද්‍රිගු
මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තවත් එක් වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව සහ සෞදි සංවර්ධන අරමුදල ද්විපාර්ශ්වික සංශෝධිත ණය ගිවිසුමට පෙරේදා (14) අත්සන් තැබුවේය.
ද්විපාර්ශ්වික ණය සංශෝධිත ගිවිසුම මගින් සෞදි අරාබියාව මෙරටට ලබා දී තිබූ සෞදි රියාල් මිලියන 516 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 41 ක) ණය මුදලක් ප්‍රතිව්‍යුහගත වන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සංශෝධිත ණය ගිවිසුමට අත්සන් තැබූ බවත් සෞදි සංවර්ධන අරමුදල වෙනුවෙන් එම අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල් රහ්මාන් අල්මර්ෂාඩ් මහතා ගිවිසුමට අත්සන් තැබූ බවත් මුදල් අමාත්‍යාංශය පැවැසුවේය.
ආර්ථික අර්බුදයත් සමග ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ප්‍රකාශ කිරීමෙන් පසුව පවා මෙරටට ණය මුදල් අඛණ්ඩව ලබා දෙමින් සෞදි අරාබිය ශ්‍රී ලංකාව විශාල සහායක් ලබා දුන් බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි සංවර්ධන අරමුදල ලංකාවට දුන් රු.බි. 41 ක් ප්‍රතිව්‍යුහගත කෙරේ