ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය සහ ලෝක සූපවේදීන්ගේ සංසද සංගමය විසින් සංවිධානය කරන ලද 2025 Culinary Art & Food Expo ප්‍රදර්ශනය පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ.
දශක දෙකක කාලයක් තිස්සේ පවත්වනු ලබන මෙම සුවිශේෂී ප්‍රදර්ශනය දහස් ගණනක් සූපවේදීන්ට තම දක්ෂතාව හා හැකියාව ප්‍රදර්ශනය කිරීමටත්, ඒවාට ඇගැයීමක් ලබා ගැනීමටත් මහඟු අවස්ථාවක් විය. මෙරට සූපවේදීන් වෙනුවෙන් පවත්වනු ලබන වාර්ෂික උත්සව අතර වැදගත් ස්ථානයක් හිමිවන මෙම Culinary Art & Food Expo ප්‍රදර්ශනය රට පුරා සිටින සූපවේදීන්ට කදිම අස්වැසිල්ලක් වූ අතර, සූපශාස්ත්‍ර කලාව සාර්ථක වෘත්තියක් ලෙස ඉදිරියට ගෙන යාමේ පළමු පියවර තැබීමටද මෙහිදී බොහෝ පිරිසකට හැකි විය. එසේම මෙරට තරුණ සූපවේදීන්ට ලෝක සූපවේදීන්ගේ සංසද සංගමයේ (WACS) අනුමැතිය සහ මග පෙන්වීම සමග සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ සෑම අංශයක්ම සැමරීමට, ඊට සම්බන්ධ වීමට මෙන්ම ගෝලීය ප්‍රමිති, බීට් පිළිවෙත් සහ නව ප්‍රවණතා වෙත නිරාවරණය වීමට අසමසම අවස්ථාවක් උදා කර දීමද විශේෂත්වයක් විය. බයිරහා ෆාම්ස් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ රියාල් යකූබ් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය. “ආහාර පිසීම සහ ප්‍රණීත කෑම වර්ග සක්ස් කිරීම සඳහා තමන් භාවිත කරන සම්පත් ඉතා වැදගත් වන බව මෙම අවස්ථාවලින් අපට මනාව පෙන්වා දී තිබෙනවා. ඉවුම් පිවුම් කෙරෙහි දක්වන විශේෂ උනන්දුව හේතුවෙන් මනා හැකියාවෙන් සපිරි, තරගකාරී සූපවේදීන් අලුත් හා සුවිශේෂ කෑම වර්ග නිර්මාණය කිරීමට කටයුතු කළ ආකාරය අපට මෙහිදී හොඳින් දැකගන්නට ලැබුණා.
බයිරහා ෆාම්ස් පීඑල්සී හි සන්නාම කළමනාකාර රවීන් මධුශංක මහතා මෙසේ සඳහන් කළේය. “මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමෙන් බයිරහා සන්නාමයට කළ හැකි බලපෑම හා ආකර්ෂණය පිළිබඳව ඉතා සතුටට පත්වනවා. එසේම මෙම ප්‍රදර්ශනය සඳහා ඉතා සාර්ථක අයුරින් සහභාගී වීමට බයිරහා ආයතනයට ශක්තිය ලබා දුන් සහභාගී වූ සියලු දෙනාට මෙන්ම සත්කාරකත්වය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පළ කරනවා.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Culinary Art & Food Expo ප්‍රදර්ශනයේදී බයිරහා සිය හැකියාව ප්‍රදර්ශනය කරයි