
කරන්දෙණිය – එම්. සුසිල් ප්රියන්ත
අපනයන වෙළෙඳපොළට ඇසුරුම්කරණය, ලේබල්කරණය සහ සහතිකකරණය පිළිබඳ ව්යවසායකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදී පැවැත්විණි.
මේ වැඩසටහනට සම්පත් දායකත්වය දක්වමින් බියුරෝවෙරිටාස් ආයතනයේ ආසිරි වික්රමසිංහ මහතා අපනයන වෙළෙඳපොළ සඳහා තත්ව සහතිකකරණය පිළිබඳ දේශනයක් කළේය.
එමෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ චතුරි පද්මපෙරුම මහත්මිය ඇසුරුම්කරණය, ලේබල්කරණය, පිළිබඳ ව්යවසායකයන් දැනුවත් කළාය.
ඇසුරුම්කරණය පිළිබඳ තැපැල් සේවා නිලධාරී ආශා කරුණාසිංහ මහත්මිය දේශනයක් පැවැත්වූ අතර ගාල්ල දිස්ත්රික් ව්යවසායකයෝ 110ක් සහ නිලධාරීහු 30ක් පමණ මේ සඳහා සහභාගි වූහ.
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්රාදේශීය සංවර්ධන අංශයේ අධ්යක්ෂ ඩී.එම්.පී. දිසානායක, ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී මාධව තුෂාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd