
මහජන බැංකුව, Commonwealth Business Excellence Awards 2026 හිදි සිය විශිෂ්ටතාවය වෙනුවෙන් ඇගයිමට පාත්ර වේ. ඒ අනුව මෙහිදි, වසරේ හොඳම බැංකු සන්නාමය, තරුණයින් හා ශිෂ්යයින් සඳහා වන හොඳම බැංකුව, හොඳම ඩිජිටල් බැංකුව සහ කුඩා හා මධ්ය පරිමාණ බැංකුකරණය සඳහා වන හොඳම බැංකුව යන සම්මාන 4කින් මහජන බැංකුව පිදුම් ලැබීය.
මේ තුළින් මහජන බැංකුව විසින් තම සන්නාමය ශක්තිමත් කිරීම, ඩිජිටල් බැංකුකරණය, තරුණ පරම්පරාවන්ගේ මූල්ය අභිලාෂයන්ට සහාය වීම සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායන් හා ව්යවසායකින් සවිබල ගැන්වීම කෙරෙහි දක්වන කැපවීම මනාව පිළිබිඹු වේ.
මෙම ජයග්රහණය පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති චන්දන ගුණියන්ගොඩ මහතා මෙසේ පැවසීය.
‘පුද්ගල කේන්ද්රිය ගනුදෙනුකරුවන්ට හා ව්යාපාරිකයන්ට නව්ය මූල්ය විසඳුම් ලබා දීම ඔස්සේ මහජන බැංකුව නිරන්තරයෙන්ම ශ්රී ලංකාවේ ජාතික ආර්ථිකයට සහ සංවර්ධනයට සහයෝගය ලබාදෙනවා. එසේ ගනුදෙනුකරුවන්ට හා ජාතියට වටිනාකමක් එක් කිරීම වෙනුවෙන් බැංකුවට සහ කාර්ය මණ්ඩලයට ලැබුනු වටිනා ඇගයීමක් ලෙස මෙම සම්මාන හැඳින්විය හැකියි.
මහජන බැංකුවේ ප්රධාන විධායක නිලධාරි/සාමාන්යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය.
‘මෙම සම්මාන මඟින් නව්ය හා ගනුදෙනුකාර කේන්ද්රීය බැංකු විසඳුම් පිරිනැමීම වෙනුවෙන් අප බැංකුව ලබාදෙන දායකත්වය මනාව පිළිඹිබු වෙනවා. එමෙන්ම ඩිජිටල් බැංකු පහසුකම් හා තරුණ තරුණියන් සඳහා වන බැංකුකරණ පහසුකම්, කුඩා හා මධ්ය පරිමාණ බැංකුකරණය සහ තිරසර ආර්ථික වර්ධනයට දායක වන අනෙකුත් ක්ෂේත්ර සඳහා සිදුකරන ආයෝජන අඛණ්ඩව සිදුකිරීම අපගේ අපේක්ෂාවයි.
මෙම ඇගයීම්වලින් ඩිජිටල් බැංකුකරණය, මූල්ය අන්තර්ගතකරණය, කළමනාකරණ විශිෂ්ටත්වය, තිරසරභාවය, වෙළෙඳපොළ ප්රවේශය සහ සු`ඵ හා මධ්ය පරිමාණ බැංකුකරණය ඇතුළු විවිධ ක්ෂේත්ර හරහා මහජන බැංකුව ලබා ඇති ජයග්රහණ හා ඒ තුළින් මෙරට බැංකුකරණයට ලැබෙන දායකත්වය මනාව පිළිබිඹු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd