
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), පරිසර අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන Sri Lanka Climate Fund (Pvt) Ltd වෙතින් නිල හරිතාගාර වායු විමෝචන නිරීක්ෂණ සහතිකය හිමිකර ගැනීමට සමත් විය. මේ හරහා එම සමාගමේ හරිතාගාර වායු විමෝචන වාර්තාකරණ සහතිකය ISO 14064-1:2018 ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල බවත්, එය ISO 14064-3:2019 ප්රමිතියට අනුව විධිමත්ව සහතික කර ඇති බවට තහවුරු කරයි.
මෙම පිළිගැනීම හරහා පරිසරය සහ ආර්ථිකය මෙන්ම පොදු මහජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ද SLIC General විසින් ඉටුකරනු ලබන අඛණ්ඩ කැපවීම මනාව පිළිබිඹු කෙරෙන අතර, සමාගමේ කාබන් පරිසර බලපෑම මැන බැලීම සහ වාර්තා කිරීමේ ක්රියාවලිය සඳහා තිරසර ක්රමවේද භාවිත කිරීමට සමාගම දක්වන උනන්දුව මේ තුළින් අවධාරණය කරනු ලබයි. SLIC General මීට පෙර ද මෙම සහතිකය හිමිකරගෙන ඇති අතර, මෙවර ලැබුණු නිල නිරීක්ෂණ සහතිකය හරහා ඔවුන් සිය උසස් ප්රමිති එලෙසම අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති බව නැවත වරක් තහවුරු වේ.
මෙම සහතිකකරණ ක්රියාවලියේදී SLIC General හි ප්රධාන කාර්යාලය සහ ශාඛා ජාලය පුරා සිදුකෙරෙන මෙහෙයුම් පුළුල් ලෙස නිරීක්ෂණයට ලක් කරමින් එහි බලශක්ති පරිභෝජනය, වාහන භාවිතය සහ අනෙකුත් ව්යාපාරික ක්රියාකාරකම් පිළිබඳව ද විමර්ශනය කර ඇත.
මෙම තක්සේරුව Sri Lanka Climate Fund (Pvt) Ltd විසින් ස්වාධීනව හා අනුමැතිය ලත් තෙවැනි පාර්ශ්වයක් ලෙස සිදු කර ඇති අතර, එහි ප්රතිඵල අපක්ෂපාතී හා නිවැරදි බවට තහවුරු කර ඇත. SLIC General මෙම කාබන් විමෝචන මැන බැලීමේ සහ වාර්තා කිරීමේ ක්රියාවලිය එක් වරක් පමණක් නොව, අඛණ්ඩව ඉටු කළයුතු වගකීමක් ලෙස සලකන අතර, එය පාරිසරික හිතකරභාවය සඳහා සිය අඛණ්ඩ කැපවීමේ මූලික අංගයක් ලෙස සලකනු ලබයි.
රජය සතු ලංකාවේ ප්රමුඛතම සාමාන්ය රක්ෂණ සමාගම මෙන්ම වෙළෙඳපොළ කොටස් ප්රමාණයට අනුව රටේ ප්රමුඛතම මෝටර් රථ රක්ෂණකරු ද වන SLIC General පාරිසරික කළමනාකරණය, විනිවිදභාවය සහ වගවීම සම්බන්ධයෙන් ජාත්යන්තරව පිළිගත් ප්රමිතීන්ට අනුකූල වන පරිදි සිය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි.
2025 වසරේ ජනවාරි මස 01 සිට දෙසැම්බර් මස 31 දක්වා වූ නිරීක්ෂණ කාලසීමාව ආවරණය වන අයුරින් සිදුකෙරුණු මෙම සහතිකකරණ ක්රියාවලියේදී, SLIC General හි ඍජු මෙහෙයුම් පාලනය යටතේ ක්රියාත්මක වන ව්යාපාරික ක්රියාකාරකම් නිරීක්ෂණය කරන ලදී.
ඒ අනුව සමාගමේ සමස්ත හරිතාගාර වායු විමෝචනය කාබන් ඩයොක්සයිඩ් ටොන් 3,454.59 ක් බව තහවුරු විය. මෙම සමස්ත විමෝචන ප්රමාණයෙන් ඍජු විමෝචන (Scope 1) ටොන් 1,626.10ක් වන අතර, වක්ර විමෝචන ටොන් 1,828.48ක් වේ.
එම වක්ර විමෝචන අතරින් විදුලිබල පරිභෝජනයෙන් සිදුවන (Scope 2) විමෝචන ටොන් 1,342.82ක් සහ අනෙකුත් වක්ර මූලාශ්රවලින් සිදුවන (Scope 3) විමෝචන ටොන් 485.66කින් සමන්විත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd