
දශක ගණනාවක් පුරා රටේ සංවර්ධනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ ශ්රී ලාංකේය විශ්රාමික ජ්යෙෂ්ඨ පුරවැසියන් ඇගයීමට ලක් කරමින්, මෙවර විශ්රාමික දිනය නිමිත්තෙන් DFCC බැංකුව සිය උණුසුම් කෘතවේදී ප්රණාමය පුදකර සිටියි. රාජ්ය සේවයේ මෙන්ම විවිධ ක්ෂේත්රවල නිරත වෙමින් ලබාදුන් විශිෂ්ට දායකත්වයට අමතරව, විශ්රාම දිවියට එළඹීමෙන් පසුවද තම පවුලට, දරු මුනුබුරන්ගේ අනාගතයට සහ සමස්ත සමාජයට මගපෙන්වමින් ඉටුකරන අතිමහත් කාර්යභාරය බැංකුවේ විශේෂ ඇගයීමට ලක්වේ.
විශ්රාම ගැන්වීමත් සමග පුද්ගලයකුගේ මූල්යමය වගකීම් අවසන් නොවේ. සෞඛ්යාරක්ෂණය සහ වෛද්ය අවශ්යතා, නිවාස ප්රතිසංස්කරණ, පවුලේ අත්යවශ්ය කටයුතු, පෞද්ගලික බලාපොරොත්තු මෙන්ම ඊළඟ පරම්පරාවේ අධ්යාපනය සහ අනාගතය වෙනුවෙන් අතහිත දීම වැනි විවිධ මූල්ය අවශ්යතාවලට විශ්රාම දිවියේදී ද මුහුණදීමට සිදුවේ.
මෙවැනි අවශ්යතාවලදී විශ්රාමික ජ්යෙෂ්ඨ පුරවැසියන්ට ශක්තියක් වෙමින් ඔවුන්ගේ මූල්ය ස්වාධීනත්වය සහ අභිමානය සුරක්ෂිත කිරීම ‘DFCC ගරුසරු’ මූල්ය සේවයේ ප්රධාන අරමුණයි.
DFCC ගරුසරු මූල්ය සේවය යටතේ සුදුසුකම් ලබන විශ්රාමිකයන් සඳහා රුපියල් 100,000 සිට රුපියල් ලක්ෂ 120 දක්වා වන ණය මුදල් ලබාගත හැකි අතර, එය ආපසු ගෙවීම සඳහා වසර 15 දක්වා වූ නම්යශීලී කාලසීමාවක් හිමිවේ.
මෙම ණය පහසුකම සඳහා රාජ්ය විශ්රාමිකයන්, රාජ්ය විශ්රාම වැටුප් ලබන වැන්දඹු හා අනත්දරු විශ්රාමිකයන්, ශ්රී ලංකා මහ බැංකුවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්රාමිකයන් මෙන්ම සුදුසුකම්ලත් හිටපු ත්රිවිධ හමුදා සාමාජිකයෝද සුදුසුකම් ලබති.
ලබාගත හැකි ණය මුදල සහ ආපසු ගෙවීමේ කාලසීමාව අයැදුම්කරුගේ වයස, ආපසු ගෙවීමේ හැකියාව සහ DFCC බැංකුවේ ණය ප්රතිපත්ති සහ අනෙකුත් රෙගුලාසි මත තීරණය වේ. මෙහිදී අයැදුම්කරුගේ වයස අවුරුදු 75 සම්පූර්ණ වීමට පෙර සම්පූර්ණ ණය මුදල ආපසු ගෙවා නිම කළ යුතු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd